වී සඳහා ගොවියන්ට ඉදිරි කන්නයේදි ඉහළ මිලක් – නිමල් කොළඹිස්ස

රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ ඉදිරි කන්නයේදී ගොවියන්ට වැඩිමිලක් ලබා දෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

පැවැති ආර්ථික අරබුදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම කන්නයේදී වැඩි මිලක් ගෙවීමට නොහැකි වුවත් ඉදිරි කන්නයේදී එය මඟහැරී යනු ඇතැයි අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේදී ඊයේ (26) පැවැති අලුත් සහල් මංගල්‍යයට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

වසර දෙකකට පසුව මෙම කන්නයේදි ගොවියන්ට මඩ ‍පොහොර ලබා දෙන බවත් ඇතැම් ගොවියන් ඉකුත් කන්නයේදී හෙක්ටයාරයකට වී කිලෝ 6000ක් වැනි ඉහළ අස්වැන්නක් ලබා ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

කන්නයේදී ලැබුණු අස්වැන්න හා අක්කරයකට ලැබුණු අස්වැන්න පාදක කර ගනිමින් මුදල් අමාත්‍යංශයේ කමිටුවක් විසින් වී මිල තීරණය කරනු ලබන බවත් ඇතැම් ප්‍රදේශවලට වී පැසෙන ප්‍රතිශතයේ වෙනසක් සිදුවීම හේතුවෙන් යම් අසාධාරණයක් වන බව ද අමාත්‍යවරයා සඳහන් ‍කළේය.

එබැවින් වී මිල තීරණය කිරීමේ කමිටුවට ප්‍රධාන ගොවි නායකයන් තිදෙනෙකුවත් ඉදිරියේදී සම්බන්ධ කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමට පියවර ගන්නා බව ද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *