ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඉදිකටුපානේදී දරුවකු ප්‍රසූත කරයි – චන්දන ජයවීර – හැටන්

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක්  11 දා රාත්‍රී 08.00 ට පමණ ශ්‍රිපාද ඉදිකටුපාන ප්‍රදේශයේ දී බිළිඳියකු ප්‍රසූත කර ඇති බව  නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය.

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටුපාන ප්‍රදේශයේදී මෙම දරු ප්‍රශූතිය සිදු කර ඇති බවත්, මව හා බිළිඳිය රාත්‍රියේම වහා නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ගිලන් රියකින් දික්ඔය මූලික රෝහල වෙත යැවීමට පියවර ගත් බවත් නල්ලතන්නිය පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බිළිඳියගේ මව වන උඩුවන ආරච්චිගේ නිරූෂා දිනුෂා අබේරත්න නැමති (31) හැවිරිදි කාන්තාව හා බිළිඳිය නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, දෙදෙනාම  යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

මෙම කාන්තාව රත්නපුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාද වන්දනාව සඳහා නඬයක් සමග පැමිණ ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

11 දා  ශ්‍රීපාද වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *