13A හෝ 13+ ජාතිවාදී ගැටලුවට විසඳුමක් නොවේ – අනුර කුමාර දිසානායක – මෙලනි මානෙල් පෙරේරා

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ 13+ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් නොවන බවත්, ජනවාර්ගික ගැටලුව විසඳිය හැක්කේ උතුරේ සහ දකුණේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පමණක් බවත්  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ඊට ගෙන ආ සංශෝධන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කර නොමැති බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතන විසින් පවරාගෙන ඇති උතුරේ ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට පැවරිය යුතුය යන ස්ථාවරයේ ඔවුන් සිටින බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *