විග්නේෂ්වරන් සමාව ගත යුතුයි – දයාසිරි කියයි – මහනුවර වාර්තාකරු

මහා සංඝරත්නයට අපහාස කිරීම සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සමාව ගත යුතු බව ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පාවිච්චි කරමින් මේ වනවිට ඇතැම් දේශපාලනඥයින් නාඩගම් නටන්නට පටන් ගෙන ඇතැයි ද ඒ මහතා කීය.
මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී පෙරේදා (09) පැවති පාක්ෂික හමුවක දී ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්ව රට බෙදන වැඩපිළිවෙළට මේ රටේ ජාතිවාදය හා ආගම් වාදය අවුස්සලා සහයෝගය දෙන්න උත්සර නොකරන ලෙස විග්නේෂ්වරන් මහතා ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කීය.
හින්දු හෝ කතෝලික පූජකතුමන්ට අපහාස කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අවස්ථාවක දේශපාලනය නොකරන බවත් මහා සංඝරත්නයට අපහාස කරමින් විග්නේෂ්වරන් මහන්ත්‍රීවරයා කළ ප්‍රකාශය හෙළා දැකිය යුතු බවත් හෙතෙම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed