රුපියල් කෝටි 15 ක් වටිනා “ට්‍රයිටන්”වාලම්පුරියක් විකිණිමට යාමේදී අත් අඩංගුවට – චන්දන ජයවීර – හැටන් 

රුපියල් කෝටි 15 ක පමණ වටිනා කමක් ඇති “ට්‍රයිටන්”වර්ගයට අයත් වාලම්පුරියක් රුපියල් කෝටි 6 ක මිලකට විකිණිමට යාමේදී හැටන් නගරයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

හැටන් ස්ට්‍රැදන් ප්‍රදේශයේ පදිංචි කරුවකු විසින් පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙත විකිණිම සදහා කටයුතු කරමින් සිටියදී ඊයේ මධ්‍යම රාත්‍රි 12 ට පමණ අත්අඩංගඅවට ගෙන තිබේ.

නුවරඑළිය යුධ හමුදා කදවුරේ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සමග එක්ව උපාය දුතයෙකු යොදවමින් කල මෙහෙයුමක ප්‍රතිළුලයක් ලෙස සැකකරුවන් දෙදෙනා සමග වාලම්පුරිය ඔවුන් භාරයට ගෙන හැටන් මුලස්ථාන පොලිසිය වෙත භාර දෙන ලදී.

ඉතා ගැඹුරු මුහුදේ ජීවත් වන මෙම සත්ව විශේෂය “ට්‍රයිටන්” යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අතර මෙම කටුව සන්තකයේ තබා ගැනීමෙන් වාසනාව හිමිවන බවට ඇතැම් පුද්ගලයින් තුල විශ්වාසයක් පවති.

සහල් තුල සැගවිමෙන්‍ පසු පහසුවෙක් කැරකෙමින් ඉහලට මතු  වන බව හා මල් පොහොට්ටුවක් සමිපයට කල විට එය පිපෙන බව අනුව එහි ගුණාත්මක බව තිරණය කෙරේ. මෙම පුද්ගලයා සතුව තිබු වාලම්පුරිය දිග අගල් 9 හා වට ප්‍රමාණය අගල් 12 කි. එහි බර ගෑම් 396 කි .දිගුකාලයක් සන්තකයේ තබාගෙන සිටියද විකුණාගත නොහැකිවු නිසා සැකකරු රුපියල් කෝටි 6 ට අලෙවිකිරිමට සැලසුම් කර ඇත .

සැකකරුවන් දෙදෙනා හා වාලම්පුරිය හැටන් මුලස්ථාන පොලිසිය වෙත බාර දීම සිදුකල අතර මුලික විමර්ශන වලින් අනතුරුව ඔවුන් හැටන් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පවසයී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *