ජනපතිට අමුතු අසනීපයක් – තිස්ස අත්තනායක කියයි – මහනුවර වාර්තාකරු

ජනපතිවරයාට රාජසන කතා පැවැත්වීමේ අමුතු අසනීපයක් ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ගතවූ මාස 07 ක කාලය තුළ ජනපතිවරයා රාජසන කතා දෙකක් පවත්වා ඇතැයි ද ඒ මහතා කීය.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අත්තනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
ජනපතිවරා විසින් රාජසන කතා පවත්වන්නේ විශේෂ අවස්ථාක යි. ඇතැම් විට වසරකට වතාවත් නැත්නම් වසර දෙකකට තුනකට වතාවක් තමයි සම්ප්‍රදායිකව මේ වගේ කතාවක් කරන්නේ. ජනපතිවරයා මාස 07 කට කලින් රාජසන කතාව කරමින් කිව්වේ අපිට ඉදිරිය හරි අමාරුයි ඒකට මුහුණ දෙන්න ඕන කියලයි. ඒකෙන් ගැලවෙන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. හැත්තෑපස් වන නිදහස් දිනයේ කතාවක් කළා. එදත් කිව්වේ අමාරුයි කියලා. පාර්ලිමේන්තුවට ඇවිත් මේ පාරත් අලුත් දෙයක් නොකියා එකට එකතු වෙලා වැඩ කරමු කියලා කිව්වා. නමුත් එහෙම කරන්න සැබෑ වුවමනායක් ජනපතිවරයාට නැහැ. අහම්බෙන් ලැබුණු ජනපති ධූරය රැකගෙන ආඩම්බරයෙන් ඒක බුක්ති විඳින්න රාජසන කතා කරනවා වගේ තමයි අපිට පේන්නේ. තව මාම තුනකින් ආයෙත් රාජසන කතාවක් කළත් අපි පුදුම වන්නේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන පරාමාධිපත්‍ය බලය උදුරා ගැනීමට කවුරුන් හෝ උත්සහ කරනවා නම් ඒකට ඍජු ලෙස මැදිහත්විය යුතු ආයතනය තමයි අධිකරණය. මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව ඔස්සේ අධිකරණයේ ස්වාධීනත්වය යළිත් තහවුරු වුණා. මැතිවරණය නොපවත්වා ඉන්න ආණ්ඩුව නොයෙක් ආකාරයෙන් උත්සහා ගත්තා. අධිකරණ තීන්දුවත් සමඟ ඒ සියල්ල පරාජයට පත්වුණා.

ලංකා ප්‍රධාන ධාරාවේ සිටින දේශපාලන පක්ෂ දෙකෙන් එකක් දේශපාලනයක් කරන්නේ නැහැ. ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටුව දේශපාලන ව්‍යාපාරයේ නැහැ. සමගි ජන බලවේගය තමයි මේ වනවිට ක්‍රියාකාරීව වැඩකටයුතු කරන්නේ. පොහොට්ටුව ක්‍රියාත්මක නොවීම නිසා ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් මාලිමාව ක්‍රියාත්මක වීමේ ස්වභාවයක් තිබෙනවා. සමගි ජන බලවේගය හා මාලිමාව අතර තරඟයක් කියා ජනතාවට පේනවා. හැඩැසක් තියෙන තැනින් ඔළුව දාලා අපි තමයි ඊළඟ බලවේගේ කියලා මාලිමාව කියනවා. නියම දේශපාලන ව්‍යාපාරයට පොහොට්ටුව ආවොත් ජනබලවේගය පැත්තකට විසී වෙනවා. ජනතා විමුක්ති පෙරමුණට රැල්ලක් නැහැ. අලුත් අය කියලා පෙන්නුවාට රටට බංකොලොත් ලේබලය අලවන්න මූලික වූ අය. 1971 හා 89 අරගල නිසා ආර්ථිකයට සිදුවූ හානිය ජනතාව දන්නවා. 2005 රාජපක්ෂ පවුල බලයට ගේන්න ජවිපෙ මූලික වුණා. චන්ද්‍රික එක්ක පරිවාස ආණ්ඩුව හැදුවා. 2004 මහින්ද අගමැති කරන්නත් 2005 මහින්ද ජනපති කරවන්නත් මූලිකත්වය ගත්තේ ජවිපේ යි. මේ නිසා රටේ ඇතිව තිබෙන බංකොලොත් භාවයට අපි සම්බන්ධ නැහැ කියලා නිදහස් වෙන්න ඔවුන්ට බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed