ජර්මානු සංචාරකයින්ට උණුසුම් පිළිගැනීමක් – මහනුවර වාර්තාකරු

ජර්මානු සංචාරකයින් අතර ශ්‍රී ලංකාවේ සංචාරක අවස්ථා ප්‍රචලිත කිරීමේ අරමුණින් දිවයිනට පැමිණ සිටින ආසියා ශාන්තිකර සංචාරක සංගමයේ ජර්මානු ශාඛාවේ (Pacific Asia Travel Association German Chapter) පුරෝගාමී සංචාරක නියෝජිතයින් 27 ක කණ්ඩායමක් මහනුවර නගරය සහ අවට ස්ථාන නැරඹීමෙන් පසුව ඇල්ල ඔඩිසි (Ella Odyssey) දුම්රියෙන් ඊයේ (04) නුවරඑළිය බලා පිටත්ව ගියහ.

ඇල්ල ඔඩිස් දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ඊයේ (04) පෙරවරු 8.00 ට පැමිණි අතර එය නවතා තිබූ විනාඩි 15 ක පමණ කාලය තුළ ජර්මානු සංචාරක නියෝජිත කණ්ඩායම ඇතුළු දුම්රියෙන් පැමිණි දෙස් විදෙස් සංචාකරයින්ට උඩරට සම්ප්‍රදායික සංස්කෘතික වටිනාකම් ඉස්මතු කෙරෙන වෙස් නර්ථන දැක බලා ගැනීමේ අවස්ථාව ලබා දෙමින් ඔවුන්ට ආහාර වලින් සංග්‍රහ කිරීමට මහනුවර ටොපෑස් (Topaz)හෝටලය පියවර ගෙන තිබිණි.
මහනුවර සංචාරයට හිතැති සුවිශේෂ ස්ථාන ගණනාවකින් සමන්විත නගරයක් බව පෙන්වා දෙමින් සංචාරක ආකර්ෂණය ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed