නිදහස් සමරුවට නව අර්ථකතනයක් – චන්දන ජයවීර – හැටන්

නිදහස් දිනය සැමරුම වඩාත් අර්ථවත් කර ගනිමින් තරුණ ප්‍රජාව ක්‍රිඩාව සදහා යොමු කිරිමට වඩාත් ප්‍රවණතාවයක් ලබා දීම සදහා අන්තර් තේ වතු වොලිබෝල් තරගාවලියක් තලවාකැලේ – ෆර්හෑම් තේ වතුයාය පරිශ්‍රයේ දී ඊයේ(04) පැවැත්විය .

 

මස්ළිකෙය වැවිලි සමාගයම් ෆර්හෑම් තේ වත්තේ පාලන අධිකාරිය විසින් ප්‍රදේශයේ ටෲප් සෙන්ක්යලයාර් තලවාකැලේ ෆර්හෑම් තේ වතු නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රිඩා කණ්ඩායම් මෙම තරගාවලිය සදහා එක්ව සිටියහ.වතුකරයේ තරුණ පිරිස් බොහෝ විට විවිධ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත සදහා වැඩි ප්‍රවණතාවක් තිබෙන අතර නිති විරෝධී හා ප්‍රමිතියෙන් තොර අනිතරායක මත්ද්‍රව්‍ය වර්ග ඒ අතර බහුලය. එවන් යොමුවීම් වලින් ඔවුන් මුදවා ගැනීම, ඈත් කිරිම හා විවේක කාලය ක්‍රිඩාව හා කණ්ඩායම් ලෙස ළුලදායිව ගත කිරිමට යොමු කිරිම මෙහි අර්ථය විය .

 

මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 10 ක් එක්ව සිටි අතර තරගාවලියේ ජයග්‍රහණය ෆර්හෑම් කණ්ඩායමත් අනුශූරතාවය ටෲත් කණ්ඩායම විසින්ද දිනාගනු ලැබීය. ත්‍යාග ප්‍රධානය කල අවස්ථාවට ෆර්න්හෑම් වතු අධිකාරි ඇතුළු සුබ පත්නන් පිරිසක් එක්ව සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *