හිටපු අගරදගුරු, සමිඳාණන් වහන්සේ තුළ සදාකාලික විවේක සුවයට ආරාධනා ලබයි! – මෙලනි මානෙල් පෙරේරා

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයා ද වූ කොළඹ හිටපු අගරදගුරු විශ්‍රාමික ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්, වයස අවුරුදු 90 දී සමිඳාණන් වහන්සේ තුළ සදාකාලික විවේකයට කැඳවනු ලැබීය. ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු තුමා 1968 සිට 1996 දක්වා අනුරාධපුරයේ රදගුරුවරයා සහ කොළඹ සහායක රදගුරුවරයා ද විය.

1932 දෙසැම්බර් 12 කැලණියේ උපත ලද අගරදගුරු ගෝමිස් හිමි, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට සහ කොළඹ 13 ශාන්ත බෙනඩික්ට් විද්‍යාල වලින් අධ්‍යාපනය හදරා , 1950 දී දෙව්සත්හලට ඇතුළත් විය. 1958 පෙබරවාරි 3 වැනි දින (අද වැනි දිනයක) පැවිදි දිවියට ඇතුළත් විය. ගෝමිස් හිමිපාණන් වසර 1968 ජූලි 17 වන දින රදගුරු පදවියට පත් විය.

අගරදගුරු නිවසට අනුව, ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවමංගල්‍ය කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

තොරතුරු – ගරු සුනිල් ද සිල්වා පියතුමාගේ වෙබ් අඩවියෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *