සනත් ජයසූරියගේ හෝටලය විවෘත කිරීම – නිමල් කොළඹිස්ස – මහනුවර

මෙම වර්ෂයේදී විදේශ රැකියා වලින් හිමිවන ආදායම ඩොලර් බිලියනය  දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඉකුත් මැයි මාසයේදී ඩොලර් මිලියන 175ක් වුණු එම ආදායම ජනවාරි මස වන විට ඩොලර් මිලියන 476 දක්වා ඉහළ ගොස් ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

විදේශ රැකියා අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර මහමායා මාවතේ ස්ථාපිත ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිබ් සංචාරක හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (01) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවී අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් ඉදිකො‍ට ඇති  මහල් පහකින් සහිත මෙම සංචාරක හෝටලය පිහිනුම් තටාකය, රථ ගාලක් ඇතුලු පහසුකම් වලින් සමන්විතය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,  මේ වන විට තුන්ලක්ෂ දොළාස්දහසක පිරිසක් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් විදේශගතවන්නන් ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.

ඒ සඳහා විදේශීය තානාපති සේවය ශක්තිමත් කරමින්  රාජතාන්ත්‍රික සේවයේ නිලධාරීන් පමණක් තානාපතිවරුන් වශයෙන් පත්කිරිමට විදේශ අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි ඒ මහතා කීවේය. මෑතකදී තානාපතිවරුන් වශයෙන් පත්කළ දහතුන්  දෙනෙකුගෙන් දොළොස් දෙනෙකුම තනාපති සේවයේ නිලධාරීන් යැයි කී අමාත්‍යවරයා සෙසු තානාපතිවරයා ජාත්‍යන්තරයට උපදේශන සැපයූ ප්‍රබල ව්‍යවසායකයෙකු යැයි ද කීවේය.

තානාපති සේවයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නංවා ඇති බවත් ඊට සමගාමීව නීතිවිරෝධී අයුරින් විදේශගතවන්නන් රැක ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට හැකි වී ඇතැයිද ඒ මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්, ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිබ් හෝටලයේ සභාපති දිලිප් හේරත්, එහි සම ආයෝජක හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, මහනුවර පුරපති කේසර සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed