නිදහස්ව ආ අන්තරේ කැඳවුමිකරු ආණ්ඩුවට අභියෝග කරයි – මෙලනි මානෙල් පෙරේරා

රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය තවම ලැබී නොමැති බවත්, රටේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලැබෙන තාක් අරගලය දිගටම කරගෙන යන බවත් මහජන බලය ඉදිරියේ තක්කඩි ආණ්ඩුවකට දණ නොනමන බවත් ජනබලයට පිළිතුරුදීමට සූදනම්ව සිටින ලෙසට ආණ්ඩුවට කියා සිටින බව දින 167කට පසුව බන්ධනාගාරගතව නිදහස ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය.
 
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත මුදලිගේ මේ බව කියා සිටියේ ඊයේ සවස 2023 පෙබරවාරි 01 වැනි දින තමාට එරෙහිව පවරා ඇති නඩු තුනකින් ඇප මත නිදහස් වී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදීය. පසුගිය වසරේ අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයා දින 167ක් අත්අඩංගුවේ පසුවිය.

“අද උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නිදහසේ විභාගයට පෙනීසිටින්නට බැහැ විදුලිය කප්පාදුව නිසා, රටේ ජනතාවට තුන්වේල කන්න විධියක් නැහැ, සිරගතවී සිටින විට දහස් සංඛ්‍යාත සිරකරුවන් සමග අත්දැකීම් බෙදාගත්තා ඔවුන් කොහොමද ජීවුත්වුණේ කියලා, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප්‍රශ්නය විසඳිලා නැහැ. නමුත් බදු පිට බදු අයකරමින් ආණ්ඩුව රටේ ජනතාව වලපල්ලට තල්ලුකරගෙන යනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඉස්සරහා දණගසන්නට අපි සුදානම් නැහැ.  අපි ආණ්ඩුවට කියනවා අද අරගලයේ තවත් ආරම්භයක්. මහජන බලය කියන්නේ මොකක්ද කියලා අපි ඉදිරියේදි ආණ්ඩුවට පෙන්වන්නම්. අපිව හිරකරලා පුලුවන්නම් මරාදමන්න තමයි ආණ්ඩුවට ඕනේ කළේ. ඒ සැළසුම් සියල්ල අපි නම් ගම් ඇතිව හෙළිකරනවා. බොරු සාක්‍ෂිදීලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපිව මාස ගණන් අපිව සිරකරපු නිළධාරින්ට විරුද්ධව අපි ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා. යැයි දින 167කට පසුව නිදහස ලබා පැමිණී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුමිකරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වගේම මේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව සමස්ත ශ්‍රී ලංකාව පූරා සිදුකළ අඛණ්ඩ අරගලය නිසා ආණ්ඩුවට අඩියක් ආපස්සට ගන්න සිදුවී තමන්ව නිදහස්කරන්න සිදුවූ බව ප්‍රකාශ කළ වසන්ත මුදලිගේ, පහුගිය කාලය පුරාවට රට තුළ පැවති ජනතාවගේ දැවෙන ප්‍රශ්න , ආර්ථීක ප්‍රශ්න හා දුෂ්කර කොන්දේසි වලට එරෙහිව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ගෙන ගිය අරගලය තවම නිමා වී නැති බවත් ඒ සඳහා අද පටන් යළි පෙළගැසිය යුතුබවත් පැවසීය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම මෙම අඛණ්ඩ අරගලයට මෙරටේ සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, බහුජන සංවිධාන සියල්ල එකතුවෙලා දියත්කළ අරගලය තුළ, මහජන බලය ඉදිරියේ තක්කඩි ආණ්ඩුවකට දණගසන්නට සිදුවී ගෝඨාභය රාජපක්‍ෂට, මහින්ද රාජපක්‍ෂට, බැසිල් රාජපක්‍ෂට අකුලාගෙන ගෙදර යන්නට සිදුවුණු බව සිහිපත්කළ වසන්ත, පවතින අසාධාරණ තත්ත්වයට එරෙහිව අරගලය අද සිට නැවත අලුත් බවටයකින් ආරම්භකර ජනතාවගේ බලය පෙන්වන බව ප්‍රකාශ කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *