කලිසම් ඇඳගත් භික්‍ෂුන් හයදෙනා – මහනුවර වාර්තාකරු

සැකකටයුතු ලෙස හැසිරෙමින් මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට අද (30) අලුයම 1.00 ට පමණ සිටි තරුණයින් හය දෙනෙකු මහනුවර පොලීසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් විහාරස්ථාන කිහිපයක වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා බව අනාවරණය වී තිබේ.
මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා බීමත්ව සිටි මෙම තරුණයින්ගේ හැසිරීම පිළිබඳ සැක සිතී අන්‍යන්‍යතාව තහවුරු කිරීම සඳහා හැඳුන්ම්පත් ඉල්ලා ඇත. හැදුනුම්පත් ඉදිරිපත් කිරිමට අපොහොසත් වීම නිසා ඔවුන් පොලීසියට රැගෙන විත් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.
එම අවස්ථාවේ මෙම තරුණයින් භික්ෂු හැඳුනුම්පත් ඉදිරිපත් කර තිබේ. පේරාදෙණිය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වල ආදි සිසුන් වන මොවුන් සිවුරු හැරදමා කලිසම් කමිස ඇඳ මහනුවර නගරයේ අවන්හලකට පැමිණ මත්පැන් පානය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මොවුන් තංගල්ල,ගාල්ල,පිළිමතලාව සහ නුවරඑළිය ප්‍රදේශ වල පදංචිකරුවෝ වෙති.
මොවුන් උපවැදි වූ අය ද නැතහොත් තාවකාලිකව සිවුරු හරින ලද පිරිසක් ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම පිණිස අදාළ විහාරස්ථාන වල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට සිද්ධිය දැනුම් දීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *