සමූල ඝාතනයකට කැස කවන ගේට්ටුකරුවන් හැරගිය දුම්රිය හරස් මාර්ගය – චන්දන ජයවීර – හැටන්

හැටන් නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයට මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් සම්බන්ධ වන හැටන් සාත්තු නිවාස (උද්‍යාන මාවත) මාර්ගය උඩරට දුම්රිය මාර්ගය හරහා පිහිටි ස්ථානයේ උණ බට ගේට්වේ සේවය කල ආරක්ෂක ගෙට්ටු කරුවන් සේවය හැර යාමත් සමග එම ස්ථානය පදික ජනතාව හා රථ වාහන මාරක අනතුරු ඇතිවිය හැකි දැඩි අවදානම් සහිත ස්ථානයක් බවට පත්ව තිබේ.
මාසිකව රුපියල් 7500 ක මුදලකට සේවය කල ඔවුන් නිසි පරිදි ගේට්ටු නවීකරණය නොකිරිම හා දුම්රිය ගමන් කරන අවස්ථාවේ මාර්ගය හරහා ලණුවක් අදින ලෙස කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සේවය අතහැර ගිය බව වාර්තා වේ.
මෙම අනාරක්ෂිත දුම්රිය මාර්ගය වසර විස්සකට වැඩි කලක සිට උණ බට ගේට්ටු යොදා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරනු ලැබිනි. එම මාගය භාවිතා කරමින් පාසල් 3 ක් ,හැටන් මුලස්ථාන පොලිසිය ,පොලිස් අධිකාරිය කාර්යාලය, ළමා උයන හා සාලියපුර ,පිලිහතර ,විල්ප්‍රඩ්පුර ,කැම්ප්‍වැලි ආදි ගම්මා රැසකට ම ගමන් ගන්නා මාර්ගයකි.
එම ගෙට්ටු දෙකෙන් එක් පැත්තක ගෙට්ටුවක් මාස කීපයක සිට මුළුමනින්ම කැඩි ගොසින්ය .එසේ තිබිය දී ද විටින් විට ගේට්ටු කරුවන් හා ප්‍රදේශවාසින් විසින් මාර්ගය දෙපස ආවරණය කරමින් අනතුරු වලක්වාලිම සදහා කටයුතු කරමින් සිටියහ .නමුත් සතියක පමණ කාලයක සිට සියළු ගේට්ටු කරුවන් ඉවත් ව තිබේ . එයින් පසු දුම්රිය මාර්ගය හරහා ගමන් කරන පිරිසගේ ජීවිත ආරක්ෂා කිරිම ඒ අවට පදිංචි කරවන්ට බාර වී ඇත.ඇතුම් විට ඔවුන් ආහාර ගනිමින් සිටින විටදී පවා දුම්රිය නලා හඩ ඇසෙන විට පැමිණ වාහන හා ජනතාව නැවැත්වීම ට ඔවුනට සිදුව තිබේ .දිවා කාලයේ එම පිරිස වෙළදසැල් වල සිටින නිසා එසේ කැපවී ස්වෙච්ඡාවෙන් සේවයක් කලද ඔවුනට වගකීමක් නැත.එමෙන්ම රාත්‍රි කාලයේ ඔවුන් එම ස්ථානයේ නැත .දිවා කාලයේ ද විවිධාකාර කටයුතු සදහා බැහැර වීමට සිදුවේ.එවන් අවස්ථාවල ජනතා ආරක්ෂාව ට කිසිවෙක් නොමැත .
දිනකට එම ස්ථනෙයෙන් දුම්රිය ගමන් වාර 20 ක් පමණක්‍රියාතිමක වන අතර උදේ 6 සිට ප.ව 2 දක්වා දුම්රිය 8ක් සවස 2 සිට රාත්‍රි 10 දක්වා දුම්රියගමන් වාර 8 ක් හා රාත්‍රි 10 සිට පෙ.ව 6 දක්වා දුම්රිය 4 ධාවනය වේ. ඒ අනුව දිනකට දුම්රිය ගමන් වාර 20 ක්‍රියාත්මක වේ .සෙනසුරාදා හා ඉරිදා දිනවල තවත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය වන බව සෙවයෙන් ඉවත්වු ගේට්ටු කරු පවසයී.
මෙම ගෙට්ටුව සදහා මුරකරුවන් යෙදවීම හැටන් පොලිසිය විසින් සිදු කරන අතර ඔවුන් වෙත දිනකට ගෙවන වැටුප රුපායල් 250 කි .එම මුදලට සේවයට පුද්ගලයින් නොපැමිණි ම හා ගෙට්ටු අබලන්වන සෑම අවස්ථාවකම නඩත්තු කිරිමේ අපහසුව නිසා පොලිස්ය විසින් එම මාර්ගය නගර සභා මාර්ගයක් බැවින් හැටන් දික්ඔය නගර සභාවටත් ,දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ද ලිඛිත දැනුවත් කිරිම් කර තිබෙන මුත් ක්‍රියාමාර්ග නොගත් බව උසස් පොලිස් නිලධාරීන් පැවසීය.
මෙම ස්ථානයට මිටර 75 ක් පහණ දුරින් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය දුම්රිය මාර්ගය හරහා යෙදි ඇත.එම ස්ථානයේ විධිමත් ගෙට්ට් පද්ධතියක් අනතුරු අගවන ආලොක සංඥා පහන් හා සංඥ සීනුවක් නාද වනු ඇත .මෙම ස්ථානයේ ගෙට්ටු ඉදිකිරිම හා ගෙට්ටු කරුවන් යෙදවීම අපහසු නම් මාර්ගයේ දෙපසටම දිස්වන ආකාරයට රියදුරන්ගේ හා පදිකයින්ගේ නෙත ගැටෙන සේ ආලොක සංඥා විදුලි පහන් හා සිනුවක් නාද වන ලෙස සවිකර ප්‍රධාන ගෙට්ටුවේ සම්බන්ධතාවයට සම්බන්ධ කරමින් පවත්වාගෙන යාමේ වැඩ පිළිවෙලක් හෝ ක්‍රියාත්මක කරමින් ජීවිත රැසක් අහිමිවීමේ අවධානයෙන් මුදවා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරන මෙන් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *