කඳුකරය වියලෙයී …පානීය ජලය සැපයීමත් දින දෙකකට වරක් – චන්දන ජයවීර – හැටන්

පසුගිය සති කීපය තුල කඳුකරයට පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් පානිය ජලය සපයා ගැනීම ද අර්බුදයක් බවට පත්ව තිබේ.එම හේතුව නිසාම හැටන් ජලසම්පාදන හා ජලප්‍රවාන මණ්ඩලයේ පාරිභෝගික ජල බෙදාහැරීම කඩින් කඩ සිදු කිරිමට පියවර ගෙන තිබේ .

 

ඒ අනුව පවුල් 5000 ඉක්මවු හැටන් හා දික්ඔය නගර වලටත් කොටගල ප්‍රදේශයේ පවුල් 2000 ඉක්ම වු පාරිභෝගික ජනතාව වෙත දින දෙකකට වරක් ජලය බෙදා හෑරිම සිදු කරන බව එම කාර්යාලය මගින් නිවේදනය කරන ලදී .

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ පිහිටි මෙම ප්‍රදේශ සදහා බොහෝ අවස්ථාවල වර්ෂාව පවතිනු ඇත. ප්‍රදේශයට පානීය ජලය සපයාගනු ලබන්නේ හැටන් සිංගිමලේ රක්ෂිතයේ ඉදිකර තිබෙන ජලාශයකින් හා දික්ඔය – ඔටරි ප්‍රදේශයේ ස්වභාවික දිය කඳුරක් හරස් කර ගැනිමේනි .

 

සති දෙක තුනක දැඩි වියලි කාලගුණය ක් පැවතියද මෙම ජල මුලාශ්‍ර වලින් ලැබෙන ජල ප්‍රමාණය දෛනිකව බෙදා දීමට ප්‍රමාණවත් නොවන නිසා ජල සම්පාද මණ්ඩලය මෙම පියවර ගෙන තිබේ. එම නිසා ජලය බෙදාහැරීම සිදු කරන දින වලදී අවශ්‍ය ප්‍රමාණයට ජලය ගබඩා කර ගන්නා ලෙසද ඔවුන් පාරිභෝගික ප්‍රජාව දැනුවත් කර තිබේ .

 

මේ පිළිබදව අදහස් දක්වන පාරිභෝගිකයින් පවසන්නේ දෛකිනවම ජලය ලබා නොදිම නිසා නිවසේ හා වෙළද ආයතන වල කටයුතු පවත්වාගෙන යාම ඉතා අසිරූ බවයී.එම නිසා දින දෙකකට වරක් නොව දිනපතාම ජලය ලබා දෙන කාලය අඩු කරමින් හෝ ජලය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් අඹගමුව කෝරළය අර්ථ නීරුපනය කිරිමෙන්ම ජලයෙන් ස්වයංපෝෂිත බව කියවෙන අතර හැටන් – දික්ඔය වැනි නගරවල පාරිභෝගික ජනතාව මාසිකව විශාල මුදලක් පානිය ජල බිල්පත් ලෙස ගෙවනු ඇත .

මීට වසර 25 ට ත් පෙර වාසය කල පාරිභෝගික අවශ්‍යතාවයට අනුව සකස් කල ජල සැපයීමේ ක්‍රියාවලිය අදට ගැලපෙන ආකාරයට නවීකරණය හා සංවිධානය නොකිරිම නිසා ප්‍රදේශයේ ස්වභාවික ජල උල්පත් නිසි කළමණාකරන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරිම නිසා ජනතාවට මේ ආකාරයෙන් අපහසුතාවයට පත් වන්නට සිදු වන්නේ ජලසම්පාදන මණ්ඩලයේ බලධාරීන් පාරිභෝගික ජනතාවගෙන් උපයන මුදල  ට අනුව විදිමත් සේවාවක් සැලසීම උදෙසා සැලසුම් සහගතය කටයුතු නොකිරිම නිසි බව ජනතාව පෙන්වා දෙති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *