පක්ෂ භේදයෙන් තොරව ජනපතිට සහය දිය යුතුයි – මහනුවර වාර්තාකරු

රට අර්බුදයට පත්වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වෛරය පිරිමසා ගැනීමට ගියේ නම් අද තෙල්,විදුලිය නොමැතිව ජනතාවට දුක් විඳින්නට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මේ නිසා කිසිදු දේශපාලන න්‍යායපත්‍රයකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බවත් එම තීරණය නිවැරදි බව මේ වනවිට තහවුරු වෙමින් තිබෙන බවත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අලුත්ගමයේ මහතා පෙරේදා (21) මේ බව ප්‍රකාශ කළේය.
යුද්ධය නිමා කළ සේම කොරෝනාව ද පරාජය කළ ආණ්ඩුවක් ලෙස කිසිදු අභියෝගයකින් තොරව පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු යැයි ද හෙතෙම අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed