නියමිත වේලාවට මැතිවරණය පවත්වනවා – ලක්ෂ්මන් කිරිඇල්ල – මහනුවර වාර්තාකරු

මැතිවරණ වියදම් නියාමන පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමඟ මැතිවරණය පැවැත්වීම තහවුරු වූයේ යැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පනත සම්මත වීමෙන් පසු මැතිවරණ වියදම් නියාමනය සඳහා රෙගුලාසි සකස් කිරීමට මාස පහක හයක කාලයක් ගතවෙනු ඇතැයි සිතූ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඒ තුළින් මැතිවරණය කල් දැමීමට උත්සහ කළත් අවශ්‍යය රෙගුලාසි සංශෝධනය තුළ අන්තර්ගතව තිබීම නිසා එය ව්‍යර්ථ වී ගියේ යැයි ද පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික්යේ පළාත් පාලන ආයතන 22 ක් සඳහා නාම යෝජනා බාරදීමට පෙරේදා (21) පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණ වියදම් නියාමන පනතේ සංශෝධනයට සංශෝධනයක් ගෙන එමින් දින පහක තුළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සියලු අපේක්ෂකයින් කැඳවා එක් අපේක්ෂකයෙකුට වියදම් වන මුදල ගණනය කර එය ගැසට් කළ යුතු බව දක්වා තිබෙන බවත් ඒ අනුව රෙගුලාසි සකස් කිරීමේ අවශ්‍යාතාවක් මැතිවරණ කොමසාරිස්වරයාට පැන නොනගින බවත් කී ඒ මහතා සංශෝධනය මගින් මේ වනවිට මැතිවරණය තහවුරුවී තිබෙන බවද අවධාරණය කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් තිබෙන බවක් තමන් නොදන්නා බවද කිරිඇල්ල මහතා කීය. තමන්ගේ මතය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින බවත් ජනතාව අරගල කළේ ඒ සඳහා අවස්ථාවක් නොමැති වූ නිසා බවත් ඒ මහතා පැවසුවේය.