නැගෙනහිර කාන්තා සම්මේලනයෙන් රජයට ඉල්ලීම් රැසක් – මෙලනි මානෙල් පෙරේරා


මීගමුව ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කාන්තා අංශය හා අනුබද්ධ නැගෙනහිර පළාත් කාන්තා සම්මේලනය , ජනවාරි මස 20 වෙනිදා සිය මහ සභා රැස්වීම පවත්වමින්, වර්ථමානයේ දී රටක් ජනතාවක් ලෙසට රටේ සමස් ජනතාව මුහුණ දෙන ආර්ථික හා සාමාජීය ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, නැගෙනහිර පළාතේ කාන්තාවන් විශේෂාකාරයෙන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ද ගැඹුරින් සාකච්ඡා කළ බව එදින පැවතී මාධ්‍ය හමුවේ දී කාන්තා සම්මේලනයේ මහ ලේකම් චන්ද්‍රිකා මානෙල් ප්‍රකාශ කළේය.
“මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන නැගෙනහිර පළාත් දිස්ත්‍රික්ක තුනෙහි ම ජාතික ධීවර සහයෝගීතා කාන්තා අංශය හා සම්බන්ධ කාන්තා නායිකාවන් ඒකාබද්ධ වී දිස්ත්‍රික්ක වශයෙන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදි කාන්තාවන් විධියට අපි තවමත් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් අපි හඳුනාගත්තා.” යැයි ඇය මාධ්‍යයට පැවසීය.
ප්‍රධාන වශයෙන් අලි මිනිස් ගැටුම, යුද්ධයෙන් පීඩාවට පත් වු කාන්තාවන් මුහුණ දෙන ඉඩම් හා නිවාස ගැටලුව සහ මූලික අවශ්‍යතා, සෞඛ්‍ය ගැටලුවලට අදාළව නිසි පෝෂණයක් සහිත ආහාර නොමැතිකම හා ඖෂධ හිඟය, මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වීම යන සමාජ ගැටලු ද, ධීවර ගැටලු වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑම සහ මසුන් ඇල්ලීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම යන ගැටලු දිස්ත්‍රික්ක තුනෙහි ම කාන්තාවන් පොදුවේ මුහුණ දෙන සුවිශේෂි ගැටලු වශයෙන් මාධ්‍ය සාකච්ඡාවේදි අදහස් දැක්වූ කාන්තා නායිකාවන් ප්‍රකාශ කළහ.
නැගෙනහිර පළාත තුළ පවතින දිස්ත්‍රික්ක වශයෙන් හඳූනාගත් සියලු ගැටලු සඳහා රජයෙන් තිරසර විසඳුම් බලාපොරොත්තු වන අතර, ඔවුන් අපේක්ෂා කරන විසඳුම් ලිඛිතව රජයට ඉදිරිපත් කරන බවත් ඔවුන් පැවසුහ.
වන අලි ආහාරයට ගන්නා බෝග වගා කිරීම, අලි පහරදීම් වලින් ජීවිතක්ෂයට පත්වුවන් හට වන්දි ලබාදීම , යුද්දයෙන් විපතටපත් වූවන් වෙත වන්දි ලබාදීම, රෝහල් සඳහා ප්‍රමාණවත් ඖෂධ ලබාගැනීම , මසකට වරක් ගැබිනි මව්වරුන් හා ළදරුවන් වෙත පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබාදීම , ඉන්ධන මිල අඩුකර සහනදායි ලෙසට ධිවරයින්ට ඉන්ධන ලබාගැනීම සහ පාසැල් දරුවන්ගේ බෑග සෝදිසි කිරීම වහාම නවතා දමා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරවමින් මත්ද්‍රව්‍ය රට තුළට ගෙනෙන පාර්ශවයන් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා බලපෑම් කිරීම යන කරුණු නැගෙනහිර පළාත් කාන්තා සම්මේලනය විසින් රජයට ඉදිරිපත් කරනු ලබන විසඳූම් යෝජනා වේ.