පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රක්ෂිත බන්ධනාගාරයට – මහනුවර වාර්තාකරු

හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඒ මහතාගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහර දී විශ්වවිද්‍යාල නිල නිවසකට අලාභහානි සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සිසුවා අද (18) නීතිඥයෙකු මගින් අධිකරණයට භාරවිය.
මෙයට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානනගේ ඇතුළු සිසුන් 13 න් දෙනෙකු අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කරනු ලැබ තිබිණි.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සිසුන් අද (18) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චමෝද් සත්සර,අනුරධ විදානගේ ඇතුළු සිසුන් 14 දෙනා පෙබරවාරී මස 01 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
මහාචාර්යවරයාට හා ඔහුගේ පවුලේ උදවියටත් නිල නිවසටත් පහරදීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් සිසුන් 14 දෙනෙකු ගේ ශිෂ්‍යභාවය තාවාකාලිකව අහෝසි කිරීමට පියවර ගත් අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින්නේ එම සිසු පිරිසය.
සිසුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලීමක් කළත් මහේස්ත්‍රාත්වරයා විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.