මහනුවරදී දුම්රියක් පීලි පනියි – මහනුවර වාර්තාකරු

කොළඹ කොටුව සිට මහනුවර දක්වා පෙරේදා (07) පස්වරුවේ ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ ධාවන කටයුතු අවසන් කිරීමෙන් පසු දුම්රිය අංගනය වෙත ඇතුළු කිිරීමට යාමේ දී පිලී පැනීමට ලක්ව තවත් දුම්රියක ගැටීම නිසා සුඛෝපභෝගි දුම්රිය මැදිරියකට හැනි සිදුව තිබේ.
සීඝ්‍රගාමි දුම්රියේ මැදිරි දෙකක පිලී පැනීමට ලක්ව ඉදිරියට ඇදී ගොස් අංගනයේ නවතා තිබූ තවත් දුම්රියක ගැටී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අනතුරින් කොළඹ කොටුව දක්වා ඊයේ (08) පෙරවරුවේ ගමන් කිරීමට නියමිතය තිබූ දුම්රියේ වායු සමීකරණය කරන ලද දුම්රිය මැදිරියකට හානි සිදුව තිබෙන අතර එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කළ බව මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර්.එම්.සී.කේ රත්නායක මහතා කීය.
මෙම අනතුර හේතුවෙන් කිසිදු දුම්රිය ගමනකට බාධා එල්ල නොවුණු බව ද ඒ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed