දිගන පුනරුත්ථාපන රෝහලේ සායනික කටයුතු සඳහා ගොඩනැගිල්ලක් නෑ – මහනුවර වාර්තාකරු

දිගන පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් සායනික කටයුතු පවත්වාගෙන යෑම සඳහා සුදුසු ස්ථානයක් නොමැති වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් ද දැඩි අපහසුතාවට පත්ව තිබේ.
මධ්‍යම පළාත සඳහා පවතින එකම පුනරුත්ථාපන රෝහල වන මෙහි රෝගීන් 500 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදංචිව සිටිති.
රෝහල ඉදිරිපිට ඇති මහවැලි අධිකාරියට අයත් වසා දමා තිබෙන ගොඩනැගිල්ලක් රෝගීන් ගේ සායනික කටයුතු වෙනුවෙන් ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහවැලි අධිකාරියෙන් අවස්ථා ගණනාවක දී ඉල්ලීම් කර තිබෙන තිබෙන නමුත් නිලධාරීන් කිහිප දෙනෙකු ගේ බලපෑම් හේතුවෙන් අදාළ ගොඩනැගිල්ල රෝහල වෙත ලබාදීම දිනෙන් දින කල් යන බව වාර්තා වේ.
පුනරුත්ථාපන රෝහලේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවට ලැබුණු තොරතුරු මත තමන් අදාළ රෝහලට ගොස් පරීක්ෂා කර බලා මහවැලි අධිකාරියේ ගොඩනැගිල්ල රෝහලට ලබා ගැනීම සඳහා මහැවැලි විෂය භාර ඇමැතිවරයා ගෙන් ඉල්ලීමක් කළ බවත් ඇමැතිවරයා ද ඒ සඳහා අනුමැතිය ලබා දී තිබියදී නිලධාරීන් පිරිසක් එය ලබා නොදී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යා කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහවැලි විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර අදාළ ගොඩනැගිල්ල රෝහලට කඩිනමින් ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *