පොලී අනුපාතය පහල හෙළීමට වැඩපිළිවෙලක් – නිමල් කොළඹිස්ස – මහනුවර

Rising food cost and grocery prices surging costs of supermarket groceries as an inflation financial crisis concept coming out of a paper bag shaped hit by a a finance graph arrow with 3D render elements.

‍උද්ධමනය අඩු කො‍ට  පොළි අනුපාතය පහළ හෙළිම ‍මෙම වර්ෂයේ ප්‍රධාන අපේක්ෂාවක් යැයි ශ්‍රී ලංකා මහ බැංකු  අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ වන විටත් උද්ධමනය යම් අඩුවීමකට පත්ව ඇතැයි කී ඒ මහතා මෙම වර්ෂයේ පළමු කාර්තුව පමණ වන විට උද්ධමනය තව දුරටත් පහළ යනු ඇතැයි කීවේය.

මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා ඊයේ (01) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටු අතර පසුව අස්ගිරි මහා විහාරයේදි එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මහා නායක හිමියන් බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථීක ස්ථාවර කිරීමේ වගකීම මෙම වර්ෂයේදීත් දරන බව කීවේය.

ඉකුත් වර්ෂයේදී පැවැති ආර්ථික අසීරුතාවලින් මිදී රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක් කරා ‍රැගෙන ඒමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වන උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් පවතින බවත් මේ වන විට සැලකිය යුතු අයුරින් උද්ධමනය පාලනය වෙමින් පවතින බව ඒ මහතා කීහ.

එමගින් පොළී අනුපාතය පහළ යන බවත් රටේ ජනතාවට අසීරුකම්වලින් මිදි සාමාන්‍ය ජනජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවන බවත් මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *