මහනුවර ගණිකා මධ්‍යස්ථාන කිහිපයක් වටලයි – මහනුවර වාර්තාකරු

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මහනුවර පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් සති වටලා තරුණියන් අට දෙනෙකු සමඟ ඒවාහි කළමනාකරුවන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය සමත්ව තිබේ.
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මහනුවර පවත්වාගෙන යන ගණික මධ්‍යස්ථාන ඉහළ පොලිස් නිලධාරියෙකුගේ නියෝග මත නොවටලන බවට මධ්‍ය මගින් කරුණු හෙළිදරව් කිරීමත් සමඟ පොලීසිය මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.

මහනුවර පොලිස් බල ප්‍රදේශයේ තල්වත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් පසුගිය 31 දින වටලා එහි සිටි තරුණියන් සිව් දෙනෙකු සමඟ කළමනාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉන් එක් කළමනාකාරවරයෙකු සතුව තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්රෑම් 2500 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.
ගණිකා මධ්‍යස්ථානයේ සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස් සඳහා මොහු මත්කුඩු අළෙවි කළේද යන්න සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
හේවාහැට ප්‍රදේශයේ ගණිකා මධ්‍යස්ථානයක් ද මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තරුණියන් දෙදෙනෙකු සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණියන් මාතර,කටුගස්තොට,කොණ්ඩදෙණිය,අනුරාධපුර ආදි ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. ඔවුන් අවුරුදු 28-45 වයස් වල පසුවන්නියන් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මහනුවර නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන වැටලීම් දිගින් දිගටම සිදුකරන ලෙස මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා දැනුම් දී තිබේ.
මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ වැටලීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *