විශ්‍රාම ශාලව විවෘත්ත නොකිරිම නිසා ශ්‍රිපාද බැතිමතුන් කෑම ගන්නේ කාණු උඩ සිට – චන්දන ජයවීර – හැටන් 

මෙවර ශ්‍රිපාද වන්දනා වාරය අරම්භ වී ඇති මුත් හැටන් දුම්රිය ස්ථානයේ පොදු විශ්‍රාම ශාලාව වන්දනාකරුවන් සදහා විවෘත්ත නොකිරිම නිසා දුම්රියේ පැමිණ ශ්‍රිපාද වන්දනාවේ නිරත වන වන්දනාකරුවන් විවිධ අපහසුතාවයන්ට පත්වෙති .

මෙම හේතුව නිසා වන්දනාකරුවන්ට එම ස්ථානයේ තිබෙන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ පිල හා කාණු පද්ධතිය මත තබාගෙන ආහාර ගැනීමට සිදුවී තිබේ . වැසිකිළි හා කැසිකිළි පහසුකම් සපයාගත නොහැකිවීම නිසා ද දැඩි අසිරූතාවයට පත් වන අතර ගිමන් හැරීමට ස්ථානයක් නොමැති වීම නිසා විඩාපත්ව  සිටින  බාල .මහළු .තරුණ සියල්ලෝම අසරණ වනු ඇත .මෙම සියළු පහසුකම් ඇති දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන විශාම ශාලාව වාසා දැමීම මීට හේතුව වී තිබේ .

එම තත්ත්වය නිසා වැසිකිළි පහසුකම්  සොයන වන්දනාකරුවන් නිසා තැපැල් කාර්යාල සේවකයින් .අසල නිවාස වල පිරිස් ද අපහසුතාවට පතිවන බව පවසති .

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග දුම්රියෙන් ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන වන්දනා කරුවන් සදහා දුම්රිය හා ලංගම බස් එකාබද්ධ සේවයක් පවත්වන අතර ඒ අනුව හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන වන්දනා කරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වාත් නැවත නල්ලතන්නිය සිට හැටන් දුම්රිය ස්ථානය දක්වාත් ප්‍රවාහනය කිරිම ලංගම ඩිපෝවේ බස් රථ වලින් ප්‍රවාහනය කරනු ලැබේ .එසේ පැමිණෙන වන්දනාකරුවන් සදහා පහසුකම් සැලසීමට ඇති දුම්රියෙන් ගමන් කරන වන්දනා පිරිසගේ විශ්‍රාම ශාලාව වසා දැමිම නිසා අසීරුතාවයකට පත්වන වන්දනා කරුවන්ට සහනයක් ලෙස විවෘත්ත කර තැබීමට පියවර ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed