රාජ්‍ය නත්තල් වැඩසටහන වර්ජනය කරන ලෙස ඉල්ලීමක් – මෙලනි මානෙල් පෙරේරා


දෙසැම්බර් 12 වෙනිදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවෙදී කතෝලික ගිහි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු තිළිණ අලහකෝන් මේ බව අනාවරණය කළේය.
“අපත් සමග තවත් කතෝලික ගිහි සංවිධාන 20ක් රදගුරු මණ්ඩලයෙන් මේ ඉල්ලීම සිදුකරනවා. රාජ්‍ය නත්තල් උත්සවය වර්ජනය කරන්න කියන අපේ ඉල්ලීම ලිඛිතව
, ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමන් වෙත අපි පසුගියදා භාරදුන්නා” යැයි ඔහු කීවේය.කතෝලික ප්‍රජාව පමණක් නොව බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ප්‍රජාවද පාස්කු ඉරුදින ප්‍රහාරයට නිසි යුක්තිය ඉටුවන තුරු බලාසිටින බව පැවසූ තිළිණ අලහකෝන් , බහුතර කතෝලික සැදැහැවතුන් මෙන් ම එම ප්‍රජාවන්ගේ සුලු සංඛ්‍යාවක් ද මෙම ප්‍රහාරවලින් ජීවිතක්‍ෂයට හා තුවාල ලැබීම් වලට ගොඳුරුවූ බවත් එම නිසා රටක් ලෙස මෙය ජාතික ප්‍රශ්නයක් යැයි පැවසීය.
“පාස්කු ඉරුදින බෝම්බ පිපිරීමට සාධාරණයක් ඉටුවුණේ නැහැ කියන්නේ , එදා කතෝලික දේවස්ථානයට එල්ල වූණු බෝම්බය, හෙට බෞද්ධ පන්සලකට, මුස්ලිම් පල්ලියකට , හින්දු කෝවිලකට එල්ල වන්නට හැකි බවයි. ඒ අනුව මේ කුඩා රටත්, රටේ ජනතාවත් විශාල අනතුරකට මුහුණ දීලා ඉන්නේ. කුමන්ත්‍රණකාරී පාදඩ දේශපාලනඥයින් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිළිගන්නවා.” යැයි ඔහු කීවේය.
ඒ සා මහත් අපරාධයක් කර තිබෙන ආණ්ඩුවක් විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය නත්තල් උත්සවයට රදගුරුතුමන්ලා සහභාගීවී හොඳහිත පෑම පාස්කු වින්ධිතයින්ටත් , කතෝලික ප්‍රජාවටත් කරනු ලබන අවමානයක් බවත් ඒ තුළින් මේ රටේ ජනතාවට වැරදි සංඥාවක් ලබාදෙන බවත් රදගුරු මණ්ඩලයට ලිඛිත ඉල්ලීමෙන් පැහැදිළිකර ඇතැයි පවසන තිළිණ අලහකෝන් , මෙම අවස්ථාව රජයට විරෝධය ප්‍රකාශකිරීමේ අවස්ථාවක් ලෙසත් කතෝලික ප්‍රජාවගේ කණගාටුව සහ අප්‍රසාදය ප්‍රකාශකිරීමේ අවස්ථාවක් ලෙසත් භාවිතයට ගනිමු යන්න රදගුරු මණ්ඩලයට යෝජනා කළ බව සඳහන් කළේය.
රදගුරු සම්මේලනයෙන් තමන් කරන ලද මෙම ඉල්ලීමට පූජකවරුන්, කන්‍යා සොහොයුරියන් ඇතුළු සමස්ත කතෝලික ප්‍රජාවම එක්වනු ඇතැයි ද අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
වත්මන් රජය සැබෑවට ම කතෝලික ජනතාවට ගරු කරන්නේ නම් සහ ඔවුන්ගේ සහය අපේක්‍ෂා කරන්නේ නම්, දැනට වසර 03කට සහ මාස 07කට පෙර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ප්‍රාණපරිත්‍යාගි සහෝදර සහෝදරියන් හට දැන්වත් යුක්තිය ලබාදීමට විධිමත් හා කඩිනම් පියවර ගත යුතු බව සඳහන් කර ඇති රදගුරු මණ්ඩලයට යැවු ලිපියේ, ඒ සඳහා ආණ්ඩුවට බලකිරීමට බලපෑම් කළ හැකි හොඳම අවස්ථාව ද මෙවර රාජ්‍ය නත්තල් උත්සවය වර්ජනය කිරීම යැයි කතෝලික ගිහි සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.
මෙවැනි අවස්ථාවක දී සිය විරෝධය ප්‍රකාශ කිරීමටත් , අදාළ ඉල්ලීම් සෘජුව ඉදිරිපත් කිරිමටත් කතෝලික ප්‍රජාව යුහුසුලු විය යුතු බව සඳහන් කරන ගිහි කතෝලික එකමුතුව, එසේ ඉල්ලා සිටිය යුතු ඉල්ලීම් 09ක් සම්බන්ධයෙන් ද රදගුරුවරුන් හට යැවූ ලිපියේ සඳහන් කරයි.
පාස්කු කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම, ප්‍රහාරය සම්බන්ධයෙන් මතුවී ඇති ආන්දෝලනාත්මක කරුණු රැසක් සම්බන්ධව අපක්‍ෂපාති විධිමත් පරීක්‍ෂණ නැවත ආරම්භ කිරීම, වසර 03යි මාස 07ක් ගතවී ඇති බැවින් නඩු කටයුතු කඩිනම් කිරීම , ඒ සඳහා අවශ්‍ය තොරතුරු ගොණු කිරීමට අපක්‍ෂපාති පරීක්‍ෂණ කණ්ඩායමක් පත්කිරීම, ජනාධිපති කොමිසමෙන් එළිදැක්වු පරීක්‍ෂණ වාර්තාවෙි ජනතාවගෙන් වසන් කරඇති ඉතිරි වෙලුම් ප්‍රසිද්ධියට පත්කරන ලෙසට, තවමත් ඔත්පලව, ලෙඩවී ශාරිරිකව සහ මානසිකව රෝගීව සිටින වින්දිතයින් ජීවත්ව සිටින තුරු ස්ථීර මාසික දීමනාවක් ලබාදීම යනාදී අත්‍යවශ්‍ය ඉල්ලීම් 09ක් ඉටුකරවා ගැනීම කළයුතු බවට රදගුරුවරුන් වෙත දන්වා සිටියි.
