වසන්ත තවදුරටත් රිමාන්ඩ් – මෙලනි මානෙල් පෙරේරා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එදින මෙම සැකකරුට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කළ ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියෝග කළාය.
මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන්කර අධිකරණයට වාර්තා කරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කර ඇත.
මේ රටේ ජනතාව වෙනුවෙන් සටන් කිරීමේ වැරැද්දට වසන්ත මුදලිගේ සහෝදරයා අදත් යළි ජනවාරි මස 17 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගත කරන්නට නියම වුණා. ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වන ආකාරයට දින 89ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටියා නොව තවමත් එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම වසන්ත සහෝදරයා නිදහස් නොකර තබා ගෙන සිටිනවා යැයි අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය සිරිධම්ම හිමි ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ තීරණය නීතිපතිගේ ද තීරණය බව සඳහන් කළ සිරිධම්ම හිමි නැවත නැවත වසන්තමුදලිගේ සහෝදරයා නිදහස් නොකර සිරකරගෙන සිටින්නේ නීතිපතිගේ තීරණ මත බව ද කීහ.
මේ ආණ්ඩුවේ අසමත් කම නිසා තවමත් රටේ ජනතාවට ජීවත්වීමේ නිදහසක් නොමැති අතර, ඒ අසාධාරණයට විරුද්ධව , ආණ්ඩුවට එරෙහිව ජනතාව නැවත හඩනගයි කියන බයට වසන්තව හිරකරගෙන සිටින බව සිරිධම්ම හිමි ප්‍රකාශ කළේය.
එහෙත් මෙවැනි සිරගත කිරීම් වලින් හෝ මර්ධනය කිරීම් වලින් අපව නවත්වන්නට බැරි බවත් රටේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවත් ඒ හිමි අවධාරණය කළේය.
නැවත නැවතත් අපි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය , අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලය කියා සිටින්නේ ඉතාම අමානුෂීක ත්‍රස්තවාදය වැළැක්වීමේ මේ පනත අහෝසි කළ යුතුයි කියලයි. ඒ යටතේ අනේතිකව අත්අඩංගුවට අරගෙන සිටින සියලුම සිරකරුව්න නිදහස් කරන්න ඕනේ. වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස්වන තුරු අඛණ්ඩව කොන්දේසි විරහිතව මේ සටන ගෙනයන බව රනිල් වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩුවට අපි මතක් කරනවා.