ඉන්දියාව හා චීනයට රුසියානු තෙල් වට්ටම් – උදාර හේමචන්ද්‍ර

චීනය හා ඉන්දියාවට දැවැන්ත රුසියානු තෙල් වට්ටමක් ලැබී තිබෙනවා. මේවන විට රුසියානු යුක්‍රේන අර්බුදය ආරම්භ වී දින 288ක් ගතවී තිබෙනවා. මෙහිදී රුසියානු යුද ශක්තිය අඩාල කිරීමට රුසියානු තෙල් අපනයනය අඩාල කිරීමට G-7 කණ්ඩායම ක්‍රියාමාර්ගය ගෙන යමින් පවතිනව. රුසියානු තෙල් සදහා උපරීම මිලක් පැනවීම එක් ක්‍රියාමාර්ගයක්. අදවන විට G-7 කණ්ඩායම රුසියානු තෙල් බැරලයක් සඳහා ඩොලර් 60ක මිලක් පනවා තිබෙනවා. නමුත් නොවැම්බර් 27වනදා වාර්තා වුණේ චීනය හා ඉන්දියාව ඩොලර් $33.23 වට්ටමක් සහිතව මිලදී ගන්නා බවට වාර්තා විය එනම් ඩොලර් 80 ක මිල සහිත යූරල් බැරලයක් ඔවුන් ඩොලර් 52කට මිල දී ගන්නා බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ලදි. මීට වසරකට  පෙර රුසියානු යූරල් වර්ගයේ තෙල් සඳහා හිමිවූයේ ඩොලර් 2.85 වවට්ටමක් පමණි. මෙහිදී චීනය හා ඉන්දියාව යුරෝපා රටවල රුසියානු තෙල් ස්වයං වාරණය නොතකා විශාල ලෙස මිලදී ගනු ලබයි. මෙම තත්වය තුල මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යාලින් ගෙන් විමසුවිට ඇය ප්‍රකාශ කර සිටියේ ඉන්දියාට, චීනයට අප්‍රිකාවට මිල අඩු රුසියානු තෙල් ලැබිම ගැන තමන් සතුටු වන බවය. නමුත් ශ්‍රීලංකාව වැනි රටක් දැනෙන උත්සහයක් නොකිරීම කනගාටුදායක කරුණකි. බොහෝවිට යුරල් තෙල් ගැන නිශ්චිත නොවූ තර්කයන්ගෙන් තොරව බැහැර කරනු ලබයි. අලී සබ්‍රී විදේශ ඇමතිවරයා කියා සිටියේ රුසියානු තෙල් ඉන්දියාව හරහා මිලදී ගැනීමට උත්සහ කරන බවයි. එලෙස වුවහොත් ඉන්දියාව ඉතා විශාල ලලාභයක්  තබා පසුගිය කාලයේ මෙන් තෙල් විකුණාදමනු ඇත.  ශ්‍රීලංකාවේ ඩොලර් විදේශ මුදල් විනාශවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *