විදේශිකයෙක් මිය යයි – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණ සිටිය දී 69 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු ඊයේ (05) මියගොස් තිබෙන බව පේරාදෙණිය පොලීසිය පවසයි.
මියගිය එංගලන්ත ජාතිකයා ඊයේ (05) පෙරවරුවේ මහනුවරට පැමිණ ඇත. ඔහු සමඟ මෙරටට පැමිණ කාන්තාවක් සමඟ උද්භිද උද්‍යානය නරඹමින් සිටිය දී දහවල් 10.30 ට පමණ රෝගී වීම නිසා උද්භිද උද්‍යානයට අයත් වාහනයකින්ම පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී බ්‍රිතාන්‍ය ජතිකයා මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පියවර ගෙන ඇත.
මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයා බිනෙඩික් ලිලේ බවට හඳුනා ගෙන තිබේ. ඔහු සංචාරක වීසා මත මෙම පසුගිය 22 වැනි දින මෙරටට පැමිණ ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.