වෛද්‍යවරියක් ගෙල වැල ලා ගනියි – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක් පිළිමතලාව ඌරාපොළ පිහිටි අගේ නිවසේ දී ගෙළ වැලලාගෙන මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ රෝහිණි දමයන්ති වීරසිංහ අබේනායක (54) නැමැති දෙදරු මවකි.
වෛද්‍යවරියගේ සිරුර නිවසේ කාමරයක් තුළ තිබියදී පෙරේදා (03) දහවල් 12.00 ට පමණ සොයාගත් බව පොලීසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ වෛද්‍යවරියගේ පුතා නිවසේ වෙනත් කාමරයක නිදාගෙන සිට ඇත. නිවසින් බැහැර ගොස් සිටි දියණිය රැගෙන ඒමට සැමියා එම අවස්ථාවේ පිටතට ගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී.පී.සේමසිංහ මහතා විසින් සිදුකර තිබේ. මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා විසින් සිදුකරනු ලැබීය.