මෙහෙකාරියක් නිවසේ තිබූ රන් ආභරණ සොරකම් කරලා – මහනුවර වාර්තාකරු

මහනුවර ප්‍රධාන පෙළේ ඇස් කණ්ණාඩි ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් ලක්ෂ 28 ක පමණ වටිනාකමින් යුත් රන් අභරණ සොරා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ මෙහෙකාරිය, ඇගේ පුතා සහ බෑණා ඇතුළු හත් දෙනෙකු මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් ගලහ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ පනස් අට හැවිරිදි මෙහෙකාරිය වසර හතක පමණ කාලයක් ඇස් කණ්ණාඩි ව්‍යාපාරිකයාට අයත් මහනුවර විද්‍යාර්ථ මාවතේ (ලේඩි ගොර්ඩන්) පිහිටි නිවසේ සේවය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අසනීප තත්ත්වයෙන් පසුවන අදාළ ව්‍යාපාරිකයා නිවසේ තනිව වාසය කර තිබෙන අතර සැකකාරිය නිවසේ නතර වී ඔහුගේ ආවතේව කටයුතු සිදුකර තිබේ.
සැකකාරිය අදාළ නිවසින් අවස්ථා ගණනාවක දී රන් මාල, මුදු, කරාබු හා වළලු සොරාගෙන ඇගේ පුතා හා බෑණා ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයට ගෙන්වා ගෙන විකිණීම සඳහා ඔවුන්ට ඒවා ලබා දී තිබෙන බව පොලීසිය පවසයි.
මෙලෙස රන් පවුම් 28 ක් පමණ මෙම කාන්තාව සොරා ගෙන තිබෙන බවට හෙළිවී තිබෙන අතර ඒවායින් පවුම් හයකට ආසන්න ප්‍රමාණයක් ගලහ හා හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශ වල රන් භාණ්ඩ නිෂ්පාදනය කර ස්ථාන තුනකට අළෙවි කර තිබෙන බව හෙළිව තිබේ.
රන් භාණඩ මිලට ගත් අඹුසැමි යුවළක් සමඟ තවත් දෙදෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථාන බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගොස් තිබෙන බව ද පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ උපදෙස් මත උප පො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *