මත්කුඩු සමඟ අත් අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් ඇප මත නිදහස් – මහනුවර වාර්තාකරු

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලියට අදාළව ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටියදී හෙරෝයින් මත්කුඩු මිලි ග්රෑම් 80 ක් සමඟ මහනුවර පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් කොස්තාපල්වරයා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් ශරීර ඇප මත මුදාහැර තිබේ.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ආධුනික පොලින් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කරන පසිදු ප්‍රභාත් ආරියගල නැමැති අයයි.
සැකකරු අධිකරණයේ දී නිවැරැදිකරු බවට ප්‍රකාශ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර ලබන වසරේ පෙබරවාරි 21 දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු පසුගිය වසරේ ජුලි මස 15 දින පොලිස් සේවයට බැඳී ඇත.පුහුණුව නිම කිරීමෙන් අනතුරුව 2022 මැයි මස 21 දින ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂක කටයුතු සඳහා මොහු පසුගිය 21 දින විශේෂ රාජකාරී යටතේ මහනුවරට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *