අලුත් රටක් වෙනුවෙන් ජීවිත පූජාකළ තරුණ විරුවන් සැමදා අප අතරයි – මෙලනි මානෙල් පෙරේරා


ඔවුන් එසේ ප්‍රකාශ කළේ, මුල් අරගලය තුළ දී, මැයි 09 වෙනිදා මහින්ද රාජපක්‍ෂ හිටපු අගමැතිගේ පාක්‍ෂිකයින් විසින් අරගල භූමිය තුළ දියත්කළ කෲර පහරදීම් හේතුවෙන් රටපුරා හටගත් පහරදීම්වලදී මෙන් ම ගෝඨාභය රාජපක්‍ෂගේ පලායැමේ දින ය තුළ දී හටගත් කඳුලුගෑස් ප්‍රහාර , වෙඩි ප්‍රහාර යනාදි අරගලය නිසා බලපෑ විවිධ හේතු මත ජීවිත පූජාකරන්නට සිදුවුණු තරුණයින්ගේ පවුල්වල සාමාජීකයින් කොළඹ දී මුණගැසී මූල්‍යමය ආධාරයක් බෙදා දුන් අවස්ථාවේදි ය.
ඒ බලාපොරොත්තුව වෙනුවෙන් අප්‍රේල් 09වෙනිදා ඉඳලා ගාලුමුවදොරට එක්වුණු ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අතරින් , ඒ හැමෝම වෙනුවෙන් , ඒ හැමදෙනාගේම නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරපු මේ සහෝදරයින් 09 දෙනාව මේ මොහොතෙදි අපි ඉතාම ආදරයෙන් යුතුව සිහිපත් කරනවා යැයි සඳහන් කළ ශෙහාන් මාලක ඔවුන් අපේක්‍ෂාකළ ආලෝකය , ඔවුන් ප්‍රාර්ථනාකළ ආලෝකය මේ හැම ජීවිතයකට ම අත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ පහන් වැටි දල්වන්නට සෑම පවුලකම එක් සාමාජීකයෙකුට ආරාධනා කළේය.
මියගිය තරුණයින් 08 දෙනාගේ පවුල්වල සාමාජිකයින් හමුවීම නොවැම්බර් 28වෙනිදා, මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රයේදි සිදුවුණු අතර එහිදී ජීවිත පුජාකළ තරුණයින් 08දෙනාගෙන් 07දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ ආර්ථීකය, අධ්‍යාපනය සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 18ක මුදලක් පරිත්‍යාග කරනු ලැබිණී.

“ඔබට යම්කිසි ආකාරයක මෙවැනි උදව්වක් කිරීමට අපට උදව් කළ ඒ ලොස්ඇන්ජලීස් හි කණ්ඩායමට මේ අවස්ථාවේදි අපි හදපත්ලෙන් ම ස්තුතිකරනවා”. යැයි ද පැවසීය.
“ඔවුන් තවදුරටත් ඔබ වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදි උදව් කරන්නට කැමැත්ත ප්‍රකාශ කළා.” යැයි ද ෂෙහාන් මාලක වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ පැවති ගෙවුණු අදුරු කාලපරිච්ඡේදය, අදුරු දේශය ආලෝකමත් දේශයක්, නිදහසේ හුස්ම ගන්න පුලුවන් දේශයක් ලෙසට ගොඩනගා ගැනීමේ විශාල බලාපොරොත්තු ඇතිව හදවතේ කැකෑරෙන කැක්කුමක් ඇතිව ජීවත්වුණු තරුණයින් වශයෙන් තමයි ඔවුන් එදා අරගලයට සම්බන්ධ වුණේ.
නැතිවුණූ ජීවිත වෙනුවෙන් නැවත වතාවක් හැමදෙනාගේම කණගාටුව ප්‍රකාශ කරන බවත් අවාසනාවට ඔවුන්ගේ ජීවිත අපිට අහිමි වුවත්, නිදහස් දේශයක් වෙනුවෙන් අප හැමදෙනාගේ ම සිහිනය දිනාගැනීම සඳහා, රටපුරාම නව ආරකින් ගමන් කරන මේ අරගලය සඳහා ඔවුන්ගේ ජීවිත පුජාවේ ස්ප්‍රිීතුව එක්වනවා කියා අපි විශ්වාස කරනවා යැයි සීඑස්ආර් හි අධ්‍යක්‍ෂ සහ අරගලය තුළ සක්‍රීයා දායකත්වයක් සපයන රොහාන් සිල්වා පියතුමා ප්‍රකාශ කළේය. ව්‍යුහාත්මක වෙනස තුළින් දුෂීත වුණු සමාජ රටාව දේශපාලන ක්‍රමය පිරිසිදු වන තෙක් මෙම අරගලය නිමාවෙන්නේ නැති බවත් ඒ සඳහා සෑමදෙනාම කැපවන බවත් සඳහන් කළ පියතුමා විශේෂයෙන් ම ලොස්ඇන්ජලීස් හිතවතුන් සමග එක්වී ඔබ වෙනුවෙන් කළයුතු දෙයක් ඇත්නම් ඒවා ඉටුකර දෙන්නට අපි පොරොන්දු වෙනවා යැයි කීවේය.
අපි කිසිම කෙනෙක් ඔබට මෙවැනි මුදල් පරිත්‍යාගයක් කිරීම තුළ සතුටට පත්වන්නේ නැහැ. විපතට පත්වුණු ඔබව අපිට, ලොස්ඇන්ජලීස් මිතුරන්ට දැනෙනවා යන්න ප්‍රකාශ කිරීමට කළ මුදල් ප්‍රදානයක් පමණයි. අපි දන්නවා, ඔබේ ජීවිත ගොඩනැගෙන්න ඕනේ. නමුත් ඉදිරියේදි ඔබට සහන සලසන්න නොවෙයි , ඔබේ ජීවිත ගොඩනගාගන්න හැකි දෙයක් කරන්න අපට පුලුවන් වෙයි., යැයි දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය ප්‍රකාශ කළේය.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් ආධාරය ලබාදුන් සැමට ස්තුති කළ අතර , සිය දිවිදුන් පුතා වෙනුවෙන් ඒ සිහිනය සැබෑකරගැනීම සඳහා අරගලය හා සම්බන්ධව කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.