සිසුවාට ගිනි තැබූ සැකකරු අත් අඩංගුවට – මහනුවර වාර්තාකරු

මහනුවර අම්පිටිය මී කණුව ප්‍රදේශයේ 16 හැවිරිදි පාසැල් සිසුවෙකුගේ ශරීරයට භූමිතෙල් ගින තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පාදයේ අස්ථි බිඳුමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇුතුළත් කර තිබේ.
ගම්වාසීන් පිරිසකගේ ද සහයෝගය ඇතිව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු පළා යාමට උත්සහ කරත්දී ඇද වැටී පාදයක අස්ථි බිඳුමක් සිදුව තිබෙන බව පොලීසිය පවසයි.
මහනුවර ජාතික රෝහලේ 24 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බී.ජී සංජව නොහොත් පැතුම් නැමැති සැකකරුව මහනුවර මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ නිරීක්ෂණය කර මෙම 12 දින තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
බන්ධනාගාර නිලධාරින් ගේ ආරක්ෂාව යටතේ සැකකරු ප්‍රතිකාර ලබමින් සිටියි.