බෙදාගැනීමේ නත්තලකට ඇරයුමක් – මෙලනි මානෙල් පෙරේරා


බලාපොරොත්තුව, විශ්වාසය, ප්‍රීතිය සහ සාමය සංඛේතවත් කරන ඉටිපන්දම් හතකරකින් සහ කොළ පැහැ ගැන්වුණු රවුම් මල් කළඹකින් සමන්විත වන ආගමන මල්කළඹ, ඊයේ දිව්‍ය පුජාවන් වලදි පළමු ඉටිපන්දම වන “බලාපොරොත්තුවේ ඉටිපන්දම” දල්වමින් ආගමන කාලය ආරම්භ කළේය.
ඇඩ්වෙන්ට් මල් වඩම/ආගමන මල්කළඹ, බලාපොරොත්තුව, ඇදහිල්ල, ප්‍රීතිය සහ සාමය සංකේතවත් කරන ඉටිපන්දම් හතරක් සහ, කොළ පැහැති රවුම් මල්කළඹකින් සංකේතවත් කරයි. ඊයේ දිව්‍ය පුජාවන් ආරම්භයේදී “වඩිනු දෙව් මැසීයා” ගායනා කරමින් , පළමු ඉටිපන්දම වන ‘බලාපොරොත්තුවේ ඉටිපන්දම’ දල්වා “ආගමන සමය” ආරම්භ කළේය.

“ශ්‍රී ලංකික අපි සැවොම ඉතා දුෂ්කර කාල පරිච්ෙඡ්දයක් පසුකරමින් සිටිමු. මිනිසුන්ට දවසක් ජීවත්වීමට කොයිතරම් අමාරුද යන්න කවුරුත් දනිති. එබැවින් හැකි අය අද ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන අය වෙත අපගේ මනස සහ හදවත් පුළුල් කළ යුතුය” යනුවෙන් ඔහු පැවසීය.
ආගමන සමය වෙනුවෙන් පණීවුඩයක් නිකුත් කළ සුද්ධාසනීය ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්‍ෂ ගරු බැසිල් රොහාන් පියතුමා, ශ්‍රී ලංකාවේ ආර්ථීක කඩාවැටීම් සහිත පවුල් සඳහා සිය දයාවේ දෑත් දිගුකරන ලෙසට, සහ විදෙස් රටවල ජීවත්වන සමස්ත කිතුණු ජනතාවගෙන් ද ඉල්ලා සිටියි.
“දහස් ගණන් ලක්‍ෂ ගණන් වියදමි කරලා නත්තල සමරන්නට සුදානම් නොවී අනවශ්‍ය වියදම් කපාහැරලා මේ මොහොතේදි රටේ පවතින දුෂ්කරතාවන් ගැන අවධානය යොමුකරලා තවත් කෙනෙක් , තවත් පවුලක් සමග නත්තල් ආහාරය බෙදාගන්න අද පටන් සුදානම් වෙමු” යැයි පියතුමා ආරාධනා කළේය.
“නත්තල් දා ආහාරය හෝ ඒ සතිය පුරා ජීවත්වෙන්නට හැකි ආකාරයෙන් වියළි ආහාර මල්ලක් අත්‍යවශ්‍ය පුද්ගලයින් හෝ පිරිස් අතර බෙදා දී නත්තලේ දී අපි අත්දකින ප්‍රීතිය, සාමය ඒ අයටත් අත්දකින්න සලස්වමු කියා මම ඉල්ලා සිටිනවා.” යැයි රොහාන් පියතුමා පැවසීය.