ලෝක වෙළෙඳ පලේ පහළ ගිය මිල ගණන් – උදාර හේමචන්ද්‍ර

ලෝක වෙළෙඳ පලේ භාණ්ඩ කිහිපය මිල පහළ ගොස් තිබෙනවා. ඒවානම් තිරිඟු පිට්, යුරීයා, හා බොරතෙල් යන භාණ්ඩයි.
තිරිඟු පිටි ගත්විට අද වන විට මෙට්‍රික් ටොන් 1 මිල ඇමෙරිකානු ඩොලර් 760 කට ආසන්න වශයෙන් පැවතුණා. ඔක්තෝම්බර් මාසයේ මෙය 900-850 අගයක පැවතුණා.
දෙවැන්න නම් යූරියා පොහොරයි. පසුගිය මාස කිහිපය පුරාම යුරීයා පොහොර $800 ගණන් වල මිල රැදී තිබුණු අතර අද වන විට එය ඩොලර් $535 දක්වා පහත ගොස් තිබෙනවා
තෙවැනි භාණ්ඩය නම් බොරතෙල් මිලයි. ලෝක බොරතෙල් මිල ගත් විට ඔක්තෝම්බර් මස මුල් සති දෙක  තුල අඩුවීමක් තිබෙණු දක්නට ලැබුණා. කෙසේ වෙතත් OPEC+ සංවිධානය සිදුකල නිෂ්පාදන කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝම්බර් මුල සිට ලෝක බොරතෙල් මිල ඉහළ යාමට පටන් ගත්තා. නමුත් කොරෝනා රෝගය උත්සන්නවීම තුල චීනය ලොක්ඩවුන් වීමට යලි පටන් ගැනීමත් සමග ලෝක බොරතෙල් මිල යලි පහළ යාමට පටන් ගෙන තිබෙනවා.ඊයේ දිනය අවසානයේ බ්‍රෙන්ට් මිල $83.19 ලෙස දැක්වුනා.West Texas Intermediate මිල ඩොලර් $77.24 ලෙස දැක්වුන. ලෝක තිරිගු හා යුරියා මිල අඩුවීමට රුසියානු යුක්‍රේන රාජ්‍යයන් අතර එම භාණ්ඩ බෙදා හැරීමට ඇතිවූ එකගතාවයන් බලපානු ලැබුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *