පල්ලේකැලේ ඇති වූ හදිසි ගින්න – මහනුවර වාර්තාකරු

පල්ලේකැලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා තිබූ ගොඩනැගිල්ලක් 25 දා ඇති වූ හදිසි ගින්නකින් නිලධාරීන් 18 දෙනෙකුගේ නිල 
ඇඳුම් ගිනිගෙන විනාශ වී තිබේ.
ගිනි ගැනීමට ලක්ව ඇත්තේ දිග අඩි 50 ක් පළල අඩි 20 ක් වන පෙරසවි ගොඩනැගිල්ලකි. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව පොලීසිය පවසයි.
විදුලි කාන්දුවක් නිසා ගින්න හට ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි. පල්ලේකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *