චීනයේ covid යලි හිස ඔසවයි- උදාර හේමචන්ද්‍ර

කොවිඩ් ආරම්භ වූවායි සැලකෙන චීනයේ කොවිඩ් රෝගය යලි හිස ඔසවා තිබෙනවා. ඒ ඊයේ (27) රෝගීන් 40000කට ආසන්න පිරිසක් සොයා,ගැනීමත් සමග එමෙන්ම දින කිහිපය තුලද දිනකට කොවිඩ් රෝගීන් 40000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමත් සමග. එහිදී නොවැම්බර් 26වන දින රෝගීන් 39791ක් ලැබී තිබෙනවා. ඒ තුරින් 3709 රෝග ලක්ෂණ පෙන්වා තිබෙන අතර රෝග ලක්ෂණ නොපෙන්වු ප්‍රමාණය 36,082ක්. චීනය රෝග ලක්ෂණ සහිත හා රහිත ලෙසද රෝගින් ගණන් කරනවා. චීන ජාතික සෞඛ්‍ය කොමිසමට අනුව ඊට පෙර දින සොයා ගත් රෝගීන් සංඛ්‍යාව 35183ක්. එක් පුද්ගලයකු 25වනදා මිය ගිය අතර මේවනවිට මිය ගොස් ඇති මුලු සංඛ්‍යාව 5233ක් . මෙම ප්‍රකාශිත රෝගින් සංඛ්‍යාවට වීදේශ ගත පැමිණි රෝගින්ගෙ සංඛාව ගණන් ගෙන නැහැ.කෙසේ වෙතත් චීනය ප්‍රධාන නගර කිහිපයක් වසා තිබෙන අතර මෙම තත්වය ලෝක තෙල් මිල අඩුවීම වීමට බලපා තිබෙනවා.