ලෝක තිරිගු පිටි මිල පහළට- උදාර හේමචන්ද්‍ර

ලෝක වෙළෙඳ පලේ තිරිගු පිටි මිල පසුගිය හා මෙම මාසය පුරා  පහළ ගොස් තිබෙනවා. එනම් ඔක්තෝම්බර් මැද පමණ සිටයි. මෙහිදී ඇමරිකානු මෙන්ම යුරෝපා වෙළෙඳ පලේද තිරිගු පිට් මිල පහළ  ගොස් තිබීම විශේෂ කරුණක් ලෙස දැක්විය හැකි වෙනවා. මෙහිදි ඔක්තෝම්බර් මාසය ආරම්භයේදී කිරිපිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 900කට ඉහළින් පැවති අතර එතැන් සිට ක්‍රමිකව යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. මෙහිදි අදවන විට මෙය තිරිඟු පිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 792.65 ලෙස සටහන් වෙනවා. 2022 සිට මෙලෙස ලෝක තිරිඟු පිටිමිල ඉහළ යාමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස රුසියානු යුක්‍රේන අර්බුදය හැදින්විය හැකිය. මන්ද යුක්‍රේනය හා රුසියාව ලෝක තිරිඟු නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වන අතර අර්බුදය මත ඔවුන්ගේ නිෂ්පාදන ලෝක වෙළෙඳ පලට ඒම අඩාල වුණා. නමුත් තුර්කිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී තිරිගු අපනයනය කිරීමට රටවල් දෙක අතර ගිවිසුමක් ඇති කිරීමෙන් පසුව ලෝක තිරිඟු පිට් මිල ක්‍රමානුකූල ලෙස අඩුවුණා. මේ වන විට ලෝක තෙල් මිල යම් ලෙස අඩුවීමද මෙම තිරිඟු පිටි මිල අඩුවීමට බලපා තිබෙන බව පෙන්විය හැකි වෙනවා.
එමෙන්ම ඉහත සඳහන් කල පරිදි ඔක්තෝම්බර් නොවැම්බර් මෙම ධාන්‍ය අපනයන ගිවිසුම දීර්ඝ කිරිමත් සමග රුසියානු යුක්‍රේන ධාන්‍ය ලෝක වෙළෙඳ පලට පැමිණීමත් සමග මිල තත්වය පහතට පැමිණී බව කිවයුතු වනවා. එමෙන්ම ඉන්දීය තිරිඟු අපනයන තහනමද ලෝක තිරිගු පිට් මිල ඉහළ යාමට බලපෑ අතර එම තහනම ලිහිල් වන බවට පුවත් වාර්තා වීමද මෙලෙස ලෝක තිරිගු පිටි මිල පහළ යාමට තවත් හේතුවක් ලෙස පෙන්වා දෙන්නට පුලුවන්. මේවනවිට ඇමෙරිකානු වෙළෙඳ පලේ තිරිගු පිටි බුසලක මිල ඩොලර් 7.1 පමණ දක්වා අඩුවී තිබෙනවා. මෙම තත්වය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත් ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම් සමග සාකච්ඡා කර බේකරි හිමියන්ට හා ජනතාවට සහනයක් ලබා දියයුතු  බව Mojonews වල මතය වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *