රුසියානු – යුක්‍රේන යුද්ධයට දින 275 – උදාර හේමචන්ද්‍ර

රුසියානු යුක්‍රේන අර්බුදය හට ගෙන අදට (24) දින 275 සපිරෙනවා. රුසියානු යුක්‍රේන අර්බුදය හට ගැනුණේ පසුගිය පෙබරවාරි 24වනදායි. ඒ රුසියාව නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු බස කතා කරන ජනතාව කිව් ආණ්ඩුව විසින් සමූලඝාතනය සිදුකරන බව ප්‍රකාශ කර නැගෙනහිර යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග යුද්ධය ආරම්භ වුණා. එමෙන්ම රුසියාව තවත් අතකින් ප්‍රකාශ කරනු ලැබුවේ යුක්‍රේනය නේටොවට බැදීම අනාගතයේදී රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවත් එයට ප්‍රධාන හේතුව නේටෝ අවි යුක්‍රේනය තුල රදවා තැබිය හැකිවීම නිසාය. මෙහිදී මුල්කාලීනව යුරෝපා සංගමය යුක්‍රේන රුසියා අර්බුදයේදි රුසියාවට විරුද්ධව රුසියානු ඛණිජ තෙල් සඳහා සම්බාධක දැමූ අතර එය මුල්කාලීනව ලෝක බොරතෙල් මිල 100 ඉක්මවීමටද සමත්විය. නමුත් රුසියාව ඉන්දියාව චීනය වැනි විකල්පයන් සොයාගැනීමට සමත් ව්ය.
යුක්‍රේන ජනපති ආරක්ෂක මණ්ඩලයේන් ඉල්ලා සිටියේ රුසියානු ආක්‍රමණය සදහා ක්‍රියාමාර්ගය ගන්නා ලෙසය. එමෙන්ම රුසියානු LNG මිල සීමා කිරීමට යුරෝපා රාජ්‍යයන් සාකච්ඡාවක් ඊයේ සිදුකලද එය පිළිබඳව එකගතාවයකට පැමිණීමට ඔවුන් අසමත්ව්ය. එමෙන්ම ශීත කාලය තුල යුක්‍රේනය තුල විදුලිය විසන්ධි වීමේ ඉඩ කඩ වැඩිය. මන්ද එරට විදුලි ජනන ස්ථාන රුසියානු ප්‍රහාරවලට ලක්වන බැවිනි. මෙය දැනටමත් අසල්වැසි මොල්ඩෝවාවටද බලපා ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දෙරට අතර සිරකරුවන් හුවමාරුවකට මැදිහත් වී ඇත. මෙවැනි ක්‍රියා තවත් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කලේය. එමෙන්ම රුසියාව ප්‍රකාශ කලේ තමන් සාර්ථකව ඉදිරියට යන බව විශ්වාස කරන බවය. එමෙන්ම ශීත කාලය තුල යුක්‍රේනය අඳුරු වීම වැලැක්වීමට යුරෝපා නගරවලින් ඉල්ලා ඇති අතර යුද්ධය විවේචනයට ලක්කල රුසියානු විපක්ෂ ක්‍රියාකාරීන් සිර අඩස්සියට පත් කර ඇත.