නුවරට කිරි අපිට කැකිරි – චන්දන තිලක් ද සිල්වා

දෛනිකව කිලෝමිටර් දෙසිය පනහක් ගමන් ගන්නා ගුරුවරියක පිලිබදව වලපනේ අධ්‍යාපන කලාපයෙන් වාර්තා  වේ . ඇය මහානුවර ගලගෙදර ප්‍රදේශයේ සිට දෛනිකව තම රාජකාරි කටයුතු සදහා රාගල ප්‍රදේශයේ සිට සැතපුම් හයක පමන දුරින් පිහිටි අති දුෂකර පාසලකට පැමිණන අතර බොහෝ අවස්තාවට මෙම ගුරුවරිය තම පාසලට වාර්තාකරන විට දහාවල් එකෝලහා පමන වේ .   මේ ගමනේදී  ඇයට රාගල නගරයේ සිට සැතපුම් හය ක දුරක්  පා ගමනින් යැමිට සිදු වන අතර  ඒ අනුව සාමාන්යෙන් ඇය දිනකට සැතපුම් 12 ක්  පා ගමනින් යයි .  මෙවැනිම ගුරු වරුන් බොහේ  දෙනෙකු අද වන විට වලපනේ අධ්‍යාපන කලාපයේ සිහිටි අති දුෂකර පාසල් වල සෙවය කරනු ලබයි. තම පළමු පත්විම ලැබ වලපනේට පැමිනෙන මොවනුගේ ප්‍රධාන අරමුණ වන්නෙ කෙසේ හෝ තම රැකියාව ආරක්ෂා කොට ගෙන වලපනෙන් පිටත්ව යැමයි. ඒ සදහා ඔවුන් බොහෝ උපක්‍රමයන් භාවිතා කරනු ලබන අතර එහි අවසන් ප්‍රතළුලය වන්නේ කාලාන්තරක් තිස්සේ වලපනේ අධික ගුරු හිගයක්  පැවතිමයි.

අති දුෂ්කර අධ්‍යාපන කලාප

මෙරට පාසල් 10155ක් පවතින අතර ඉන්  පාසල් 9782ක් පලාත් සභා යටතේ පවති. පලාත් නවය තුල අධ්‍යාපන කලාප 98ක් පවතින අතර එයින්  මධ්‍යම පලාත අධ්‍යාපන කලාප පහාලොවකින් සමන් විතය. මෙම කලාප පහලොව ඇතුලත ජාතික පාසල් 373ක් සහා පලාත් පාසල් 1464ක් පවතින අතර නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පලාත් පාසල් 543ක් පවති.මධ්‍යම පලාත තුල පිහිටි අති දුෂකර අධ්‍යාපන කලාප ලෙස වලපනේ, විල්ගමුව, නුවරඑළිය සහා හැටන්  අධ්‍යාපන කලාප නම් කොට ඇත.ඒ මෙම ප්‍රදේශයන්හි  භුගොලිය පිහිටිම මෙන්ම දේශගුනික හා කාලගුනික  තත්වයන් සහ පවතින දැඩි ප්‍රවාහන දුෂ්කරතාවයන්ද ඒ සදහා හේතු සාධක වි  ඇත.යටත් විජිත සමයේ සිටම කුඩම්මාගේ සැලකිල්ල ලැබු  වලපනේ ඇත්තන්ට නිදහසෙන් පසුද නිදහසක් නොලැබුන අතර එහි අවසන් ප්‍රථිළුලය වුයේ වලපනේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම  සමස්ත අධ්‍යාපන කලාප අතර  අනු දෙවන ස්ථානය දක්වා පහත වැටිමයි. පසුව බලධාරින් මෙන්ම නිළධාරින් එක්ව ගත් ක්‍රියා මර්ග හෙතුවෙන් අධ්‍යාපන කලාප අතුරින් විසි හතරවන ස්ථානයට පැමිනිමට මේ වන විට  හැකිව ඇත.

‘අභියෝග ජය ගැනිම සදහා පිරිපුන් පාසල් ජාලයක්’ යන දැක්ම යටතේ ක්‍රියාත්මක වලපනේ අධ්‍යාපන කලාපය තුල සිංහල මාධ්‍ය පාසල් හැටක් සහා ද්‍රවිඩ මාධ්‍ය පාසල් විසිනවයක් ලෙස පාසල් අසු නවයක් පවතින අතර සිංහල මාධ්‍ය සිසුන් දොළොස් දහස් හත්සියය හතක් සහා ද්‍රවිඩ මාධ්‍ය සිසුන් අටදහස් එකසිය අසු හයක් අධ්‍යාපනය ලබයි.මෙරට තෙවැනියට විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වලපනේ අධයාපන කලාපය දුෂ්කර අධ්‍යාපන කලාපයක් බවට පත්ව ඇත්තෙ මෙහි ඇති කටුක බව නිසාමය.

උග්‍ර ගුරු හිඟය

සාමාන්‍ය  ගුරු  හිඟයටත් වඩා උග්‍ර ගුරු හිඟයක් වලපනේ දුවා දරුවන් වෙලාගෙන සිටින්නේ බළධාරිනගේ සහ නිළධාරින්ගේ ක්‍රියා කලාපයන් නිසාය. 2015-2016 යන වකවානු තුල වලපනේ අධ්‍යාපන කලාපයට අවශ්‍ය ගුරු ප්‍රමාණයෙන් තුනෙන් එකක ගුරු ගිහයක්(පන්සියයකට අධික ප්‍රමානයක්) පැවති අතර කලාප අධ්‍යාපන කලාපයට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ තත්වයද එයම වු අතර කලාප කාර්යාලයට අවශය කාර්ය මණ්ඩලයෙද තුනෙන් එකක පුරප්පාඩු පැවතුණි.

2022 ඔත්තොම්බර් මස  පලමුවන දින වනවිට වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහාකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරු අට දෙනෙක්ගේ පුරප්පාඩු පවතින අතර විදුහල්පතිවරුන් හතලිස් පස් දෙනෙක් නියොජ්‍ය විදුහල්පතිවරු දහසය දෙනෙකු සහ සහාකර විදුහල්පතිවරුන් දෙදෙනෙකුගේ පුරප්පාඩු පවති. එසේම සිංහල මාධ්‍ය ගුරුවරුන් එකසිය අසුපස් දෙනෙකු ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරුන් පනස් තුන් දෙනෙකුගේ සහ ඉංග්‍රිසි මාධ්‍ය ගුරුවරුන් තිදෙනෙකුගේ පුරප්පාඩු පවති. තවත් මාස දෙකකින් ගුරුවරුන් විසි දෙනෙකු පමන  විශ්‍රාම යැමට නියමිත අතර ඒ අනුව බලන කල වලපනේ අධ්‍යාපන කලාපය තුල සමස්තයක් ලෙස ගුරුවරුන් දෙසිය හැටකට අධික ගුරු හිඟයක් මෙන්ම විදුහල්පතිවරුන් හැට තුන් දෙනෙකුගේ හිඟයක් පවති. මෙහි බලපැමට දැඩිව ලක්ව ඇත්තේ අති දුෂ්කර ගම්මාන ආශ්‍රිත පාසල් සහ වතු ආශ්‍රිත ද්‍රවිඩ මාධ්‍යය පාසල්ය.

ගුරු අතිරික්තය

පසුගිය වසර කිහිපය පුරා පැවති වසංගත තත්වයන් මෙන්ම ආර්ථික අර්බුද වලපනේ මෙතරම් ගුරු හිඟයන් ඇති වීමට හේතු සාධක ලෙස හුවා දැක්විමට බළධාරින් කෙතෙක් උත්සහා කලද එය යථාර්තය නොවන අතර බොහො කලක සිට වලපනේ අධ්‍යාපනයේ කටුක නොසලකා හැරිම මෙයයි. මෙ වන විට මධ්‍යම පලාත තුල හත්සියකට අධික ගුරු අතිරික්තයක් පවති. එයිනුත් මහානුවර අධ්‍යාපන කලාපයේ අධිකම ගුරු අතිරක්තය පවතින අතර නගර ආසන්නයේ ඇති සමහර  පාසල් තුල කාල සටහනක් නොමැති ගුරුවරුන් තිහ හතලිය සිටින බවටද අනාවරණය වි ඇත. මෙම ගුරු අතිරික්තය පවතින්නෙ දෙශපාලඥයින්, බළධාරින්, නිළධාරින් මෙන්ම වෘත්තිය සමිති නියොජිතයින් තම හිතමිත්‍රාදීන්ගේ මනදොල සතුටු කිරිම සදහා පහසුකම්  සහිත මහනුවර අධ්‍යාපන කලාපයට ස්ථාන මාරු ලබා දිමයි. මෙසේ ස්ථානමාරු විම් ලබා දිමෙදි ඒ සදහා තවත් ගුරුවරයෙකු අනුයුක්ත කිරීම සිදු කල යුතු වුවත් වලපනේ අධ්‍යාපන කලාපට එය අදාල නොවන්නෙ ඉහතකි බලපැම් නිසාය. මෙහි අවසන් ප්‍රථිඵලය බවට පත්ව ඇත්තෙ වලපනේ දැඩි ගුරු හිඟයක් පැවතිමයි. එසේම වලපනේ අධ්‍යාපන කලාපයේ  ප්‍රධාන පාසල් තුල උසස් පෙළ ද ඇතුලුව කාල පරිච්ඡේද අටම දෛනිකව අධ්‍යාපන කටයුතු වල නිරත විමට ගුරුවරුන් හට සිදුව ඇති අතර එම ගුරුවරුන්ද ලද පළමු අවස්තාවේදිම වලපෙන් පිටව යැමේ අපෙක්ෂාවෙන් සිටි. මෙහිදි සැලකිල්ලට ගතයුතු ප්‍රධාන කාරණය වන්නේ එකම පලාත තුල එකම පරිපාලන ව්‍යුහයක් තුල ගුරු අතිරක්තියක් මෙන්ම අධික ගුරු හිඟයක් දිර්ඝ කාලිනව පැවතිමට වග කිවයුත්තෙ කවුරුන්ද යන්නයි.

පැය හයක දුෂ්කර ගමන

මිට වසර කිහිපයකට ඉහතදි වලපනේ අධ්‍යාපන කලාපයට පත්වීම් ලැබ පැමිණන ගුරුවරුන් මෙම ප්‍රදේශයේම නවාතැන් ගෙන තම රාජකාරි ඉටුකල අතර මැතක සිට මහනුවර ප්‍රදේශයේ සිට මෙම ගුරුවරුන් ප්‍රවාහනය කිරිම සදහා  බස් රථ මෙන්ම වැන් රථද ක්‍රියාත්මක අතර එම ගුරුවරුන් පාන්දර තුනට පමන තම රාජකාරි ගමන ආරම්භ කරනු ලබන අතර නැවත සවස හය පමන වන විය නිවසට පැමිනිම සිදු කරනු ලබයි. නිදිවර්ජිතව පැය හයක පමන දුෂ්කර ගමනක නිරිත වන මෙම ගුරුවරුනගෙන්  වලපනේ සිසුන් හට වඩාත් හොද අධ්‍යාපනයක් ලැබෙද යන්න විමසා බැලිය යුතු අතර බොහො දෙනෙකු පන්ති කාමර තුල නිදා ගන්න බව දරුවන් පවසි. තවද මාතලේ ගලගෙදර ආදි ප්‍රදේශයන්හි සිට වලපනේ දරුවනට අකුරු කරන්නට දෛනිකව පැමිනෙන ගුරුවරුන් සිටින අතර ඔවුන් දහාවල් එකොලහාට පමන පාසලට පැමිනෙන බවද  සදහන්ය. වලපනේ අධ්‍යාපන කටයුතු වල නියුතු සිංහල මාධ්‍යය බොහෝ ගුරුවරු වලපනේ පදිංචිකරුවන් නොවන අතර මොවුන් තම පළමු පත්විම රැගෙන දුෂ්කර රාජකාරි සිදු කිරිමට පැමිනි ගුරුවරුන්ය. බොහෝ විට වසර පහක දුෂකර සෙවයට පැමිනෙන ගුරුවරියන් වසර දෙකක්වත් නිසිආකාරයෙන් වලපනේ දරුවන්ට අකුරු කරන්ට උත්සාහ නොකිරිම ශෝචනීය තත්වයකි. විවාහය,පලමු දරු ප්‍රසුතිය, දෙවන දරු ප්‍රසුතිය සහා දරු ප්‍රසුතියන් සමග තමන් හට හිමිවන වැටුප් සහිත සහ රහිත නිවාඩු සියල්ල අවසන් වන වීට මෙම ගුරුවරියන්ගේ දුෂ්කර සෙවා කාලයද අවසන්ව ඇත.

ගුරු  බඳවා ගැනිම්

විශේෂයෙන්ම තරඟ විභාග සහා විද්‍යාපිඨ මගින් ගුරුවරුන් බදවා ගන්නා අතර ඔවුන්හට පත්විම් ලබා දිමෙදි වසර පහා, අට හො වසර දහායක අනිවාර්ය දුෂ්කර සෙවයක නිරත විය යුතු බවට පත්විම් කොන්දෙසියක් පනවනු ලබයි. මෙසේ පත්විම් ලබන ගුරුවරුන්ගෙන් අති බහුතරය මහානුවර දිස්ත්‍රික්කයට අයත් වන අතර ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු තම දේශපාලන බලපුලුවම්කාරමත් සහා තම පෞද්ගලික හිතවත්කම් මත දුෂ්කර සේවා කාලය අවසන් විමට පෙර මහානුවරට මෙන්ම තම ගම් ප්‍රදේශ වෙත ස්ථාන මාරු විම් ලබා ගනි. තවද මහානුවර අධයාපන කලාපයේ අධික ගුරු අතිරික්තියක් පවතින්නෙ ඔවුන් මිට පෙර දුෂ්කර ප්‍රදේශවල සෙවය කොට විශ්‍රාම යැම සදහා මහානුවර අධ්‍යාපන කලාපයට පැමිනෙන නිසා බව පවසන බළධාරින් තවදුරටත් එය සාධාරණිකරනය කරනු ලබන්නෙ  එම ගුරුවරුන්හට සානුකම්පිතව එම අවස්තාව ලබා දියයුතු බව පවසමිනි.

 

ප්‍රතිපත්තිමය වෙනස

වලපනේ අධ්‍යාපන කලාපයට 2020/1 චක්‍රලේඛයට අදාලව මෙම විශාල ගුරු හිඟය පවතින අතර  පලාත් බළධාරින් මෙම චක්‍රලේඛයට අදාල ගුරු පුරප්පාඩු සදහා මෙතෙක් අනුමැතිය ලබා දි නොමැති බව ද අනාවරණය වන අතර ඔවුන් 2016/1 චක්‍රලේඛයට අදාලව වලපනෙ ගුරු හිගයක් නොමැති බව හුවා දැක්විමට උත්සහා කරනු ලබන අතර 2016 සිය මේ දක්වා වලපනේ පාසල් පද්ධතිය විශාල සංවර්ධනයකට මෙන්ම නවිකරණයට ලක්ව ඇති අතර නව විෂය ධාරාවන් මෙන්ම නව සංකල්පයන්ද වලපනේ අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්ව ඇති වටපිටාවක් තුල වලපනේට තව දුරටත් 2016/1 චක්‍රලේඛයට වලංගු නොවේ. තවද ගණිත, විද්‍යාව, ඉංග්‍රිසි, තාක්ෂණික විෂයන් සදහා අධික ගුරු පුරප්පාඩුවන් පවතින මුත් සාමාන්‍ය පෙල මෙන්ම උසස් පෙල ප්‍රථිඵල විශ්ලේෂනයෙන්ද වලපනේ අධ්‍යාපන කලාපය පලාතේ අධ්‍යාපන කලාප අතර ඉදිරියටම පැමින ඇති අතර ප්‍රදේශයේ ක්‍රියාත්මක උපකාරක පන්ති ඒ සදහා විශාල පිටුවහලක් සපයා ඇත. අනාදිමත් කාලයක සිට වලපනේ පවතින ගුරු ගැටළු විසදිම සදහා බලධාරින් කඩිනමින් මැදිහත් විය යුතු අතර එහිදි ගුරු අතිරික්තියන් පවතින මහානුවර වැනි අධ්‍යාපන කලාප වල ගුරුවරුන් ඒ සදහා යෙදවිය යුතුය. ඊට අමතරව ගුරුවරුන් බදවා ගැනිමෙදි  වලපනේ ප්‍රදේශයේ සිටින අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන්  බදවා ගැනිම සදහා  අවශ්‍ය නිතිරිති සම්පාදනයට අවශ්‍ය තින්දු තිරණ ගැනිමට කඩිනමින්ම ප්‍රතිපත්තිමය තිරණයක් ගත යුතුය.

වලපනේ මේ තියෙන ගුරු ප්‍රශ්නේ කවදාවත් විසදෙන්නෙ නැහැ. මෙයට බළධාරින් ප්‍රතිපත්තිමය තිරණයක් ගත යුතුයි. වලපනේ ප්‍රදේශයේම ඉන්න උසස්පෙල සමත් අයගෙන් ගුරුවරු බදවා ගන්න. පිටින් එන ගුරුවරු ඉක්මනින්ම යන්න බලන්නේ එන්නේ මේ දුෂ්කර පරිසරයෙන් මිදිලා. දැනටත් වලපනේ රැදිලා ඉන්නෙ ඒ දවස් වල සමෘධියෙන් බදවා ගත්ත ගුරුවරු. තව අවුරුදු දහායක් දොලහක් යනකොට විභාග රාජකාරි කරගන්නවත් වලපනේ ගුරුවරයෙකු නැතිව යනවා එක නිසා කඩිනමින්ම මේ ප්‍රශ්නේ විසදෙන්න නම් මෙහෙන්ම ගුරුවරු බදවා ගන්න ඔනේ නිතිරිති වෙනස් කරලා හරි. නැත්නම් පිටින් එන අය කොහොම හරි මාරුව හදාගෙන යනවා වලපනේට හැමදාම ගුරු ගැටළුව විතරක් ඉතිරි වෙයි. වලපනේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩි.එම්.එන් කරුණාරත්න මහතා මෙම ගැටළුව පිළබදව අදහස් දක්වමින් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *