අරගලයේ සක්‍රීය කතෝලික පියතුමෙක් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් – මෙලනි මානෙල් පෙරේරා

තමන්ට ලැබෙන අභ්‍යන්තර තොරතුරුවලට අනුව, අරගලයේ සක්‍රීය ක්‍රියාධරයෙකු වන ගරු ජීවන්ත පීරිස් පියතුමාව අත්අඩංගුවට ගන්නා ලෙසට මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයාට බලපෑම් කර ඇති බව ජනතා අරගලයට සම්බන්ධ නීතීඥ මනෝජ් නානායක්කාර මාධ්‍යට අනාවරණය කරයි.

“සී අයි ඩී ය බැහැ කියයි. සීසීඩී ය හා කියයි” යනුවෙන් ලංකා නිවුස් නැමැති වෙබ් අඩිවිය විසින් ද  වාර්තා කළ පුවතක් උපුටා දක්වමින් ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ ත්‍රස්ත ක්‍රියාව පිළිබඳව නීතිඥ මනෝජ් නානායක්කාර ප්‍රකාශ කළේය.

 
මහජන ආරක්‍ෂාව භාර ඇමතිවරයා යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලීසියේ , පොලිස්පතිවරයා, ඇමතිවරයාගේ එම යෝජනාවට අකමැත්ත ප්‍රකාශකර ඇති බව සඳහන් කළ නීතිඥ මනෝජ් නානායක්කාර, ජීවන්ත පීරිස් පියතුමාව අත්අඩංගුවට ගැනිමට හේතුවක් හෝ පදනමක් නැති බවත් මේ අවස්ථාවේදි ජීවන්ත පියතුමාව අත්අඩංගුවට ගත්තොත් ප්‍රශ්නයක් ඇතිවේවි යැයි පොලිස් ඇමතිවරයා ගේ මෙම යෝජනාව පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිළිකර ඇතැයි ද ප්‍රකාශ කළේය.
 
මේ වන විට රටේ ජනාධිපති මේ පිළිබඳව ඉතා හොඳින් දැනුවත් බව සඳහන් කරන මනෝජ් නානායක්කාර මෙම කුමන්ත්‍රණය පිටුපස පොලිසිය භාර ඇමති ටිරාන් අලස් සහ බස්නාහිර පළාත් භාර පොලිස් ජේ‍යෂ්ඨ නිලධාරියා පොලිස්පති දේශන්දු තෙන්නකෝන් යන අය සිටින බව ඔහු පවසයි.
පොලීසියේ කී දාහක් සිටියත් ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ඉතා ප්‍රබල බව පවසු නීතිඥවරයා, ජීවන්ත පියතුමා මෙන් ම මරදාන සීඑස්ආර් ආයතනය ද එදා සිට ජනතාව වෙනුවෙන් පාරට බැස ක්‍රියාකළ අය බවත් අඛන්ඩව පීඩිතයා වෙනුවෙන් හිටගත් බැවින් ජනතාව නිහඩව බලානොසිටිනු ඇති බව ජනාධිපතිවරයා සිහිතබාගත යුතු යැයි අවධාරණය කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed