ලෝක බොරතෙල් මිල පහළට – උදාර හේමචන්ද්‍ර

ලෝක වෙළෙඳ පලේ බොරතෙල් මිල පසුගිය සති 2ට සාපේක්ෂව අඩුවිමක් පෙන්නුම් කරනවා. ශ්‍රීලංකාවට හා සිංගප්පූරුවට බලපාන බ්‍රෙන්ට් Brent වෙළෙඳ පලේ බොරතෙල් මිල ලෝක වෙළඳපලේ කටයුතු ආරම්භ කරනු ලබද්දී මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 86.59ලෙස වන අතර ඇමරිකානු වෙළෙඳ පලේ West Texas Intermediate මිල සටහන් වුණේ ඩොලර් 79.18ක් ලෙස මීට අමතරව රුසියානු Ural තෙල් මිල ඩොලර් 73.030 දැක්වුනා. මුලදී තෙල් මිල චීන කොවිඩ් ප්‍රති පත්තිය මත ඔවුන් බොරතෙල් ඉල්ලුම අඩුකිරීම මෙන්ම මිසයිලයක් පෝලන්තයට කඩා වැටී ඇතිවූ යුරෝපා – රුසියානු දේශපාලන උණුසුම මිසයිලය රුසියාව විසින් එල්ල කල එකක් නොවන බව නෙටෝව විසින් ප්‍රකාශ කිරීමදේශපාලන උණුසුම පහළ යාම තුලත් තෙල් මිල යලි අඩුවීමට පටන් ගෙන තිබෙනවා. මෙම මිල අඩුවීම ඔක්තෝම්බර් දෙවන සතියේ මිල ගණන් වලටද වඩා අඩු බව පෙනීයනවා.මේ අතර ඔපෙක්+ සංවිධානයේ එකගතාවයන් මත සවුදි අරාබිය බැරල් 430000ක නිෂ්පාදන කප්පාදුවක් සිදුකර තිබෙනවා.