පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉඩමෙන් කෙසෙල් කැන් තුනක් හොරකම් කරලා – මහනුවර වාර්තාකරු

මහනුවර මූලස්ථාන පොලීසියේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපතිවරයාගේ තළාතුඔය ප්‍රදේශයේ පිහිටි වගා ඉඩමක තිබූ කෙසෙල් කැන් තුනක් සොරුන් විසින් කපාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කලක් තලාතුඔය පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20) මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
වගා ඉඩමේ තිබූ උදැල්ලක්,අලවංගුවක් ඇතුළු භාණ්ඩ තොගයක් ද සොරුන් රැගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
මත්කුඩු වලට ඇබ්බැහි වූ තරුණයින් මෙම සොරකම් වල නිරත වන බවට ප්‍රදේශාවාසිහූ චෝදනා කරති.
හොඳින් පැසී තිබුණු දෙමුහුන් කෙසෙල් කැන් කැපීමට ඊයේ (20) පෙරවරුවේ ගිය අවස්ථාවේ ගස් කපා දමා කෙසෙල් කැන් සොරාගෙන ගොස් තිබෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැක ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තළාතුඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.