ප්‍රධාන බාලිකා පාසලක සිසුවියක් දුම්රියක ගැටේ – මහනුවර වාර්තාකරු

මහනුවර සිට මාතලේ බලා ධාවනය වන දුම්රියේ ගැටී මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසැලක 17 හැවිරිදි සිසුවියක් මියගොස් තිබේ.
මෙම සිසුවිය ඊයේ (20) පෙරවරු 10.00 ට පමණ මහනුවර යටිනුවර වීදියේ යුද හමුදා කඳවුර පිටුපස දී දුම්රියේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
දාහත් වැනි වියේ පසුවන සිසුවිය පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා ඊයේ (20) පෙරවරුවේ නිවසින් පැමිණ තිබෙන අතර ඇය අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මළ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරිරාගාරයට යොමු කිරීමට පොලීිසිය පියවර ගෙන තිබේ. මියගිය පාසැල් සිසුවිය දුම්රියට පැන සියදිවි නසා ගත් බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed