පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු මාසයේදි

ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 ක් සඳහා පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු සූදානම් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කර ඇත.

ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දා පැවැත්වීමට නොහැකි බවට ද මේ වනවිට විවිධ මත පළ වී ඇත.

මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට කොමිසමක් පත් කිරීමෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දාට පෙර පැවැත්වීමේ කිසිදු බාධාවක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද පසුගිය දවසක ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *