උස්බෙකිස්තානයට ඔලිම්පික් ගම්මානයක්?

චීනය උස්බෙකිස්තානයේ ඔලිම්පික් මාදිලීයේ ගම්මානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට ගිවිසුමට අත්සන් කරතිබෙනවා. මෙලෙස ගිවිසුමට බැදී ඇත්තේ චීන රජයට අයත් ඉදිකිරීම් සමාගමක් වන SINOMEC සමාගම හා උස්බෙකිස්තාන රජයයි. මෙලෙස මෙම ගම්මානය හා ක්‍රීඩා පිටිය ඉදිකරනු ලබන්නේ 2025 උස්බෙකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සඳහායි. මේ සදහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 289. මිට පෙර Sinomec සමාගම ඩොලර් මිලියන 440ක් වටිනා රසායනික කර්මාන්තශාලාවක් ඉදිකරතිබෙන අතර චීන සමාගම හා උස්බෙකිස්තානයේ සංචාරක අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම ඇතිව තිබෙනවා. මෙම ක්‍රීඩා ගම්මානය වර්ග කිලෝමීටර් 1.6 කට විහිදෙන අතර හෝටල් ඇතුළු විවිධ පහසුකම් වලින් යුක්තවනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed