ලෝක ජනගහනය තවත් ඉහළට – උදාර හේමචන්ද්‍ර

ලෝක ජනගහනය බිලියන 8ක සීමාව නොවැම්බර් මස තුලදීම පසුකර යන බව පෙනීයයි. මීට වසර මිලියන 20කට පෙර ලොව ප්‍රථම මිනිසා අප්‍රිකානු කලාපයේ පහළ වූ බව සැලකෙන අතර ඉන් අනතුරුව ලොව ජනගනය වර්ධනය වීම ආරම්භ වුණි. සාමාන්‍යයෙන් 19 වන සියවස දක්වා ලොකයේ ජනගහනය එතරම් සීග්‍රයෙන් වර්ධනය වූ බවක් නොපෙන අතර ප්‍රංශ ජාතික ජනගන අධ්‍යයන ව්ද්‍ය පර්යේෂකයකු වන Herve Le Brasට අනුව මුල්කාලීනව එකට සිටි දඩය්ම් ගෝත්‍රික ජනතාව එම කටයුතු වලට භූමිය මදිවීම තුල වෙන්ව වෙනත් භූමි කරා ගොස් ඇත. ක්‍රි.පු.10000දි පමණ ලොවප්‍රථම ලදරු ජනගහනය ඉහළ ගිය කාලය ලෙස සැලකේ. ප්‍රංශයේToulouse විශ්වවිද්‍යාලයෙ Eric Crubezy නම් මානව විද්‍ය පර්යේෂකයාට අනුව ලොව ජනහන වර්ධනන් ක්‍රි.පු 10000දි මිලියන 100කටත් ක්‍රි.පු.2000 මිලියන 250කටත් ලෙස වර්ධනය විය. එමෙන්ම මහාමාරිය වැනි රෝග නිසාත් ක්‍රි.ව.6වැනි සියවසේ පැවති යුද්ධ නිසාත් ලොව ජනගහනය යම් තරමකට පහත වැටුණි.
Crubezy ට අනුව ක්‍රි.ව.1800-2022 වන විට ලොව ජනගහනය බිලියන 1 සිට බිලියන 8 දක්වා වැඩිව ඇත වර්තමානයේ අද දවස වන විට එය බිලියන 7.999ක් වන අතර එය බිලිය 8 දක්වා ලගාවීම නොවැම්බර් 15වන විට අපේක්ෂා කෙරිණි.