රටේ මුල් ජනතාව රකින්න ජීවන් තොන්ඩමාන්ගෙන් සහය – මෙලනි මානෙල් පෙරේරා

ලංකාවේ මුල් ම ජනතා කුටුම්භය රකින්නට පාර්ලිමේන්තුව තුළ දී සිංහල නොවන පුද්ගලයෙකුගෙන් සහය පලවීම ප්‍රශංසනීය ය. මහ ජාතිය සුලු ජාතිය වශයෙන් ඉරි ගසා කථාකරන සමයක දී ශ්‍රී ලංකාවේ මුල් ම ජන ප්‍රජාව වන ආදීවාසින් නැතහොත් වැදි ජනතාව ආරක්‍ෂාකර ගැනීම සඳහා තමන් සහය පලකරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ (CWC) මහ ලේකම් ජීවන් තොන්ඩමාන් ඊයේ (08.11.2022) පාර්ලිමේන්තු සැසිවාරයකදී ප්‍රකාශ කළේය.
“වැදි ප්‍රජාව මේ රටේ මුල් ම ජනතාවයි. ඔවුන් වඳවීමේ තර්ජනයකට මුහුණදී සිටිනවා.” යැයි ප්‍රකාශ කළ ජීවන් තොන්ඩමාන්, වැදි ප්‍රජාව පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු යැයි නැගෙන යෝජනාවලට තමන් සහය පලකරන බව ප්‍රකාශ කළේය.
වැදි ජනතාවට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදිය යුතු සේම, ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්‍ෂාව තහවුරු කරන අමාත්‍යංශයක් ද තිබිය යුතු බව තොන්ඩමාන් පැවසීය.