පාපිසි තුළ සඟවා කළ මත් කුඩු ජාවාරම – මහනුවර වාර්තාකරු

පාපිසි අළෙවි කරන මුවාවෙන් පාපිසි තුළ සඟවා රැගෙන ගොස් හෙරොයින් මත් කුඩු අළෙවි කළ පුද්ගලයෙකු මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තැන්නකුඹුර ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ සැකකරු සතුව හෙරෝයින් මත්කුඩු මිලි ග්රෑම් 2400 ක් තිබූ බව පොලීසිය පවසයි.
අදාළ පුද්ගලයා ගෙන් දිනපතා මත්කුඩු මිලට ගැනීමට පුරුදු වූ පිරිසක් සිටින බවත් ඔහු පාපිසි අළෙවි කරන මුවාවෙන් කිසිවෙකුට සැක නොසිතෙන පරිදි එම පුද්ගලයින්ගේ නිවෙස් වලටම මත්කුඩු බෙදාහැර තිබෙන බවත් පොලිසි පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත සිවල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තැන්නකුඹුර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රැකවල් ලා සිට සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී පාපිසි තුළ ඉතා සූක්ෂමව සඟවා තිබී මත්කුඩු පැකට් කිහිපයක් හමුවී ඇත.
මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීම මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .