වසර දෙකකට පසු වික්ටෝරියා කට අරි – මහනුවර වාර්තාකරු

මධ්‍යම කඳුකරයට ඇද වැටෙන අධික වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් ඊයේ  (05) රාත්‍රියේ ස්වයංක්‍රීයව විවෘත විය.
ජලාශයේ වාන් දොරට හයක් මෙලෙස එකවර විවෘත වූයේ වසර දෙකකට පසු බව ජලාශයේ කාර්යභාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.
අධික වැසි තත්ත්වයත් සමඟ ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් ඊයේ  (05) රාත්‍රී 7.00 ට පමණ විවෘත වී පැය තුනක පමණ කාලයකට පසු ඉන් දොරටු දෙකක් ද ඊට පැය තුනකට පසු තවත් දොරටු දෙකක් ද වැසී ගිය බව ඒ මහතා කීය.
ජලාශයේ දොරටු හයම මීටරයක් පමණ උසට විවෘත වූ බවත් එම අවස්ථාවේ තත්ත්පරයට ඝන මීටර් 671 ජල ධාරිතාවක් වේල්ල ඔස්සේ පහළට ගමන් කළ බවත් ඇහැලපිටිය මහතා පැවසුවේය.
අවසන් වාන් දොරටු දෙක අද  (06) පෙරවරු 7.30 වැසී ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *