සුදු මැස්සා පොල් ත්‍රිකෝණය වනසයිද . ප්‍රසාද් පූර්ණමාල්

පොල් වගාවට හානි කරන ආක්‍රමණශීලී කෘමි සතෙකු වන සුදු මැස්සා මර්ධනය කිරීම සදහා විලෝපික කෘමියෙකු හදුනාගෙන ඇති බව පොල් පරේෂණ ආයතනය ප්‍රකාශ කරයි ‘ශ්‍රී ලංකා පොල් පරේෂණ ආයතනයේ සභාපති මල්රාජ් පිරිස් මහතා මේ පිලිබදව කියා සිටියේ පසුගියදා පොල් පරේෂණ ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමිනි .

මේ කෘමියා ගේ ක්‍රියාකාරිත්වයන් පිලිබදව  පරීක්ෂණාගාර තුළ ඉතා සාර්ථක ලෙස අධ්‍යනය කරන  අතර   නුදුරු අනාගතයේදී  මෙම කෘමි සතා  යොදා ගනිමින්  මෙරට පැතිර යන කෘමි  උවදුර  පාලනය කිරීමට හැකියාව පවතින බව පොල් පර්යේෂණ ආයතනය විශ්වාස කරයි .  මේ  කෘමි ව්‍යාප්තිය අවම කිරීමට ගොවිජන සේවා වසම් මට්ටමින් පොල් සංවර්ධන නිලධාරීන් ක්ෂේත්‍ර වලට ගොස් ජනතාවට උපදෙස් ලබා දීමට මේ දිනවල කටයුතු කරන බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

කෑගල්ල ප්‍රදේශයෙන් ප්‍රථමයෙන් හඳුනාගෙන ගත් මෙම කෘමින් තෙත් කලාපයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කෑගල්ල, කුරුණෑගල ,කළුතර,කොළඹ මහනුවර, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් සුදු මැස්සා ව්‍යාප්තිය විශාල වශයෙන් සිදුවේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකින් මෙම සුදු මැස්සා ගේ හානිය වාර්තා වෙමින් පවතී. පොල් කොළයේ යටි ප්‍රදේශයේ මෙම කෘමි සතා බිත්තර දැමීම හේතුවෙන් ඉන් පිටවන ස්‍රාවය පොල් කොළය පුරා පැතිර ගොස් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියෙට දැඩි බලපෑම් එල්ලවේ. මේ හේතුවෙන් පොල් ඵලදාවට දැඩි බලපෑම් එල්ල වේ.මෙම කෘමි සතා ව්‍යාප්තව සිටින පොල් ඉඩම් වල සෙසු ශාක වලට ද සතාගෙන් දැඩි බලපෑම් එල්ල වේ. විශේෂයෙන් කෙසෙල්, පේර, දෙළුම් ඇතුළු පලතුරු මෙන්ම මල් වගාවට ද හානි වේ. ඇතැම් පිරිස් මෙම සතාගේ මර්දනය අවම කිරීමට කෘමි සතාගේ ගහනය වැඩි පොල් ගස් කපා දැමීමට කටයුතු කරන බවත් එවැනි දෙයක් කිරීමෙන් මෙම කෘමිසතා මර්දනය කළ නොහැකි බවත් එවැනි කටයුත්තක් නොකර අදාල ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස පොල් පර්යේෂණ ආයතන ය ඉල්ලා සිටි .

පොල් වගාවට මෙම කෘමි හානිය පවතීනම් පොල් පර්යේෂණ ආයතනයේ 1928 දුරකථන අංකයට හෝ වට්සැප් අංකය වන 070-4001928 ට දැනුම් දී උපදෙස් ලබා ලබා  මෙන් ද  සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *